leader s

නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල පරිසර හිතකාමී හරිත රෝහලක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ.


වාතය, ජලය පස යන සංයුතීන් සුරැකීම මුල් කොට මිනිසාට සතා සීපාවාට ගහ කොළට හිතකර පරිසරයක් තනා දීම සඳහා සොබා දහම අතර පවත්නා අවියෝජනීය සබැඳියාව තහවුරු කිරීමත් රෝගීන් ගේ කායික මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමත් මෙහි අරමුණ ය.

එය පදනම් ව රෝහල ආශ්‍රිත පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවට ආවේණික ශාක වලින් යුත් කලාපයක් බවට පත් කිරීම, වන වගාව, පළතුරු බෝග වගාව ඖෂධීය වටිනාකමකින් යුත් ශාක වගාව උද්‍යාන චිකිත්සක (Horticultural therapy) ඒකකයක් ආරම්භ කිරීම ආදී අංග මීට ඇතුලත් කොට තිබේ.

ඉහත වැඩසටහන සම්බන්ධයෙන් සම්පත් දායකයන්ගේ රැස්වීමක් මැයි මස 28 බදාදා ප.ව 02ට රෝහල් කාර්යාල පරිශ්‍රයේ ඉහල මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී රෝහල් අධ්‍යක්ෂක වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම රෝහලේ.මනෝ වෛද්‍ය කේ. වී. එන් රන්ජන් පවසයි.

|  vinivida.lk

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්