ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන අංශයේ 2020 වාර්තාවලට අනුව වාර්ෂිකව මෙරටට ආනයනය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 70%ක් ඍජු හෝ වක්‍ර ආකාරයෙන් පරිසරයට බැහැර වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුව ඇත්තේ 30%කට ආසන්න ප්‍රමාණයකි.
2020 වසරෙහි ජනනය වී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 938.42ක් වන අතර, මින් නැවත එකතු කර ඇත්තේ මෙට්‍රික් ටොන් 300කි.
එකතු නොවන ප්ලාස්ටික් ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 638ක් වන අතර, මෙයින් දිනකට මෙට්‍රික් ටොන් 8.45ක් පමණ ස්වාභාවික ජල ප්‍රභව තුළට බැහැර කරන බව සොයාගෙන ඇත.
( silumina.lk | සුභාෂිණි ජයරත්න)






