leader s

මෙවර පොසොන් උත්සවය පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොරව පැවැත්වීමට සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (09) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවර පොසොන් උත්සවය අනුරාධපුරයේ පවත්වන බවත් පරිසර අමාත්‍යංශය, ක්ලීන් ශ්‍රි ලංකා ලේකම් කාර්යාලය, අනුරාධපුර නගර සභාව සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරය පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොර කලාපයක් හැටියට පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බවත් අමාතවරයා පැවසීය.

පොසොන් උත්සවයට සමගාමීව “පොලිතින් භාවිතයෙන් තොර පොසොන් උදානයක්” යන තේමාව ඔස්සේ අනුරාධපුර, නුවර වැව අසළදී එළබෙන (11) වැනිදා උදේ 8.30ට පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පැවසුවේය.

එමෙන්ම අනුරාධපුර පොසොන් උත්සවයට නැරඹීමට පැමිණෙන සියලු බැතිමතුන්ගෙන් ප්ලාස්ටික් සහ පොලිතින් රැගෙන එම හැකිතාක් අවම කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්