leader s

මොනරා සහ දඬු ලේනා ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ගැනීම සම්බන්ධව රජයේ කෘෂිකර්ම අංශවල අවධානය යොමුවී ඇත.


මොනරුන් සහ දඬු ලේනුන් ගහණය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වගා බිම්වලට සිදුවන හානියද ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අංශ විසින් කරන ලද අධ්‍යයනයන්වලදී තහවුරුවී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගාබිම්, ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පසුගියදා සිදු කරන ලද බෝග වගාවන්ට හානි කරන වන සතුන් සම්බන්ධ සංගණනයේදී මොනරුන් මිලියන 4.24 ක්ද, දඬු ලේනුන් මිලියන 2.66 ක්ද සිටින බව අනාවරණයවී ඇත.

රිළවා සහ අළු වඳුරා අනාරක්ෂිත කාණ්ඩය යටතේ සිටියද, මොනරා සහ දඬු ලේනා ආරක්ෂිත සත්ව කාණ්ඩයේ සිටීම නිසා එම සතුන් පාලනයට අදාළව කටයුතු කිරීමේදී එය බාධාවක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අංශ සඳහන් කරයි.

වගා හානි කරන වන සතුන් සම්බන්ධව කරන ලද සංගණනයේ දත්ත අනුව, රිළවුන් වැඩිම ගහණයක් වාර්තා වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම කොට්ඨාසයෙන් වාර්තාවී ඇති රිළවුන් සංඛ්‍යාව 79,480 කි. වඳුරන් වැඩිම ගහණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 34,451 කි.

දඬු ලේනා සහ මොනරුන් වැඩිම ගහණයක් වාර්තාවී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම කොට්ඨාසයෙන් දඬු ලේනුන් 48,748 ක්ද, මොනරුන් 102,091 ක්ද වාර්තා වී තිබේ.

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවී ඇති මොනරුන් සංඛ්‍යාව 12,759 කි.


(aruna.lk | සාලිය කුමාර ගුණසේකර)


සබැඳි පුවත් :

'රිලා සංගණන විහිළුවේ' ප්‍රතිඵල මෙන්න!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්