leader s

පසුගිය කාල වලට සාපේක්ෂව අනවසර විදුලි රැහැන් වල පැටලීම නිසා වන අලින් ජීවිතක්ෂයට පත් වීමේ වැඩි නැඹුරුවක් මේ වසර තුළ දක්නට ඇතැයි පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.


වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව ඉකුත් ජූනි 19 වන දා වන විට වන අලින් 35 දෙනකු අනවසර විදුලි රැහැන් වල පැටලීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග වලට අනුව 2024 වසර පුරාවටම මෙලෙස ජීවිතක්ෂයට පත් වන අලින් සංඛ්‍යාව 50කි.

මේ වසර තුළ ජූනි 19 වන දා වන විට අලින් 34 දෙනකු වෙඩි පහර වලින් ද 18 දෙනකු හක්ක පටස් වලින් ද 12 දෙනකු දුම් රියේ ගැටීමෙන් ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

Untitled 40

ගත වූ දශක කිහිපය තුළ වේගයෙන් ප්‍රවර්ධනය වූ අලි මිනිස් ගැටුම යන්න අලි මිනිස් සහජීවනය යන නව විද්‍යාත්මක ක්‍රමවේදය ඔස්සේ මිනිසුන් ගේත් වන අලින් ගේත් ජීවිත සහ මිනිසුන් ගේ දේපල ආරක්ෂා වීම සඳහා වන නව උපාය මාර්ග යෝජනා වී ඇති පසුබිමක වත්මන් ආණ්ඩුව ඒ සියල්ල බැහැර කොට වන ජීවී සංරක්ෂණ ක්‍රමෝපායන් පවා නොතකා වන අලින් පලවා හැරීම පිණිස බාහිර පාර්ශවයන් එක් කර ගැනීම ඉතා බරපතල ප්‍රති විපාක අත් කර වන්නක් බව පවසන පරිසර වේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන් පෙන්වා දෙනුයේ එලෙස වන අලින් ගේ වාස කලාප තුළ විවිධ ක්‍රම මඟින් ඔවුන් පීඩනයට නතු කිරීම මිනිස් ජීවිත හා දේපල වල ආරක්ෂාවට ද බරපතල තර්ජනයක් විය හැකි බව ය.

ඒ අනුව වන අලින්ගෙන් මිනිස් ජීවිත සහ දේපල රැකදීම පිණිස යැයි පවසමින් වත්මන් රජය විසින් මේ වන විටත් ගෙන ඇති වන අලින් පලවා හැරීමේ නොවිධිමත් දේශපාලන තීන්දු තීරණ වෙනුවට ඒ සඳහා නිසි විද්‍යාත්මක ප්‍රවේශයකින් යුතු අලි මිනිස් සහ ජීවන උපාය මාර්ග වහා ක්‍රියාවට නැංවිය යුතු බව පවසන පරිසර වේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන් අවධාරණය කරනුයේ එසේ නොමැති වුව හොත් ආණ්ඩුවේ මෙම වන අලි සංහාරයට එරෙහිව සංවිධාන මට්ටමින් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පවා තමනට සිදුවන බවකි.

| vinivida

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්