leader s

ඛනිජ වැලි ටොන් ලක්ෂ ගණනක් හාරා ගැනීම සඳහා බහුජාතික සමාගම් විසින් මන්නාරම් භූමියේ සිදු කරන කැනීම් වහාම නවතා දමන ලෙස බල කරමින් මන්නාරම්වාසී තරුණ තරුණියන් පිරිසක් දෙදින විරෝධයක් ආරම්භ කර තිබේ.


ශ්‍රී ලංකා පාරිසරික ක්‍රියාකාරී ජාලයේ මෙහෙයැවීමෙන් අගෝස්තු 6 වැනි බදාදා පෙරවරුවේ මන්නාරම් වටරවුම අසලින් ආරම්භ කළ පෙළපාලිය නගරය වටා  වීදි සංචාරය කර යළි මන්නාරම් වටරවුම තෙක් පැමිණ එහි විරෝධතා දියත් කරමින් සිටින බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඛනිජ වැලි කැණීම සඳහා මේ වන විටත් ලබා දී ඇති බලපත්‍ර සහ ඉදිරියේ දී ලබා දීමට නියමිත බලපත්‍ර වහාම අවලංගු කරන ලෙස ඉල්ලීම ඇතුළු මුලික ඉල්ලීම් කිහිපයක් අන්තර්ගත සන්දේශයකට අද දිනයේ සහ හෙට දිනයේ දී මන්නාරම් වාසීන්ගෙන් අත්සන් ලබාගෙන එය ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සදහා දිස්ත්‍රික් ලේකම්වරයාට හෙට දිනයේ බාර දීමට විරෝධතා කරුවන් සුදානමින් සිටින බව ඔවුහු වැඩි දුරටත් පවසති.

 

DSC 2533

"කැනීම් නවත්වන්න, සොබා දහම ආරක්ෂා කිරීම ආරම්භ කරන්න", "පොළොව අපගේ අයිතියයි", "ඛනිජ ද්‍රව්‍ය කැණීමෙන් අපගේ ජීවත්වීමේ අයිතිය අපෙන් උදුරා ගන්න කිසිවෙකුටත් අයිතියක් නෑ", "මේ විනාශ වෙමින් ඇත්තේ, අප ඉපදුනු හැඬුණු වැඩුණු භූමියයි." ආදී සටන් පාඨ පෙරටු ගරගනිමින් මෙම දෙදින විරෝධය දියත් වන්නේ ‘භුමිය කළුයි’ යන්න තේමා කරගනිමිනි.

විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සහ ඇතැම් බලසම්පන්න පුද්ගලයන්ගේද සහාය ඇතිව මන්නාරම් දුපතේ ඛනිජ වැලි ටොන් ලක්ෂ ගණනක් හාරා ගැනීම සඳහා බහුජාතික සමාගම් තුනක් වීරිය දරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ 2025 වසරේ ජනවාරි මසදී හෙලි කර තිබුනි.

"ඔරයන් කියන සමාගමත්, මාස් මෙට්ල් ඇන්ඩ් මිනරල්ස් කියන සමාගමත්, ඕස්ට්‍රේලියන් සමාගමක් විදිහට තියන ඉල්මනයිට් සෑන්ඩ්ස්  කියන සමාගම් තුනම මේ අවස්ථාව වන විට මේ ප්‍රදේශයේ ඛනිජ වැලි කැනීම එහෙම නැතිනම් ඉල්මනයිට් වැලි කැනීම සදහා සියළු කටයුතු සකස් කරමින් තිබෙනවා."

මන්නාරම් නගරයේ දියත් කෙරෙන  විරෝධතාවයට එක්ව සිටින මන්නාරම්වාසී තරුණයෙක් මාධ්‍යවේදීන් හමුවේ අනතුරු අගවා සිටියේ මන්නාරම් භුමියේ පාරිසරික බලපෑම් පිළිබඳ තත්ව වාර්තා මේ වන විටත් එම සමාගම් විසින් මහජන විමසීමකින් තොරව සකස් කරමින් සිටින අතර එය රජයට බාර දුන් වහාම ඔවුන්ට කැනීම් කටයුතු සදහා බලපත්‍ර නිකුත් වීම සිදු වනු ඇති බවටයි.

එවැනි තත්වයක් තුළ පාරිසරික තත්ව වාර්තාව සකස් කිරීමේ දී පාරිසරික ගැටළු පිළිබඳ මහජන මත විමසුම් විනිවිදභාවයෙන් සිදු විය යුතු බව අවධාරණය කරන ඔහු සඳහන් කළේ මෙම දෙදින විරෝධතාවය මුලික ඉල්ලීම් තුනක් පෙරටු කර ගනිමින් සිදු කරන බවයි.

“ඒ නිසා තරුණයන් ලෙස අපි කරුණු තුනක් ඉදිරිපත් කරනවා. ඛනිජ වැලි කැණීම සඳහා ලබා දී ඇති බලපත්‍ර සහ ලබා දීමට නියමිත බලපත්‍ර අවලංගු කළ යුතුයි. මන්නාරම ආරක්ෂිත සමුද්‍ර ප්‍රදේශයක් සහ ආරක්ෂිත පාරිසරික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය. පාරිසරික ගැටළු පිළිබඳ මහජන මත විමසුම් විනිවිදභාවයෙන් යුතුව සිදු කළ යුතුය.”

ඛනිජ වැලි හාරා ගැනීම සඳහා බහුජාතික සමාගමකට බලපත්‍ර නිකුත් කිරීමට මන්නාරම් භුමියේ විමර්ශන කටයුතු සඳහා 2024 වසරේ නොවැම්බර් මාසයේදී හා  2025  වසරේ මැයි මාසයේදීත් පැමිණි රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ ආයෝජකයන් ද විරෝධතා මගින් පසුබස්වන්නට මන්නාරම්වාසීහු සමත්ව සිටියහ.


ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය

ඛනිජ වැලි හාරා ගැනීම සඳහා බහුජාතික සමාගමකට බලපත්‍ර නිකුත් කිරීමට මන්නාරම් භුමියේ විමර්ශන කටයුතු වෙනුවෙන්  2024 නොවැම්බර් 06 වැනි බ්‍රහස්පතින්දා මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, මන්නාරම දිස්ත්‍රික්කයේ සහකාර දිස්ත්‍රික් ලේකම්, මන්නාරම ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන 20 ට අධික ප්‍රමාණයක නියෝජිත මණ්ඩලයක් ටයිටේනියම් කැනීම වෙනුවෙන් නියැදි ලබා ගැනීමට මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕලෙයිතොඩුවායි, වලනගර් ග්‍රාමයට නිලධාරීන් පැමිණ තිබුනේ මහා පරිමාණයෙන් ඛනිජ වැලි කැනීම සඳහා බලපත්‍ර පහක් ලබා ගැනීමට ශ්‍රී ලංකා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් අනුමැතිය ලබා දී ඇති ඕස්ට්‍රේලියාව මුලස්ථාන කොටගත් ටයිටේනියම් සෑන්ඩ්ස් බහුජාතික සමාගමේ නියෝජිතයන්ද කැටුවය.

2024 නොවැම්බර් මුලදී  ලැබුණු එම අනුමැතිය අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විදේශ ආයෝජක බලපත්‍රය සඳහා අයැදුම් කිරීම සඳහා පිහිටුවාගෙන ඇති ව්‍යාපාරික ආයතනය ඔරයන් මිනරල්ස් (පුද්ගලික) සමාගමයි.

“ආයෝජන මණ්ඩලයේ මගපෙන්වීම සහ අනුග්‍රහය මේ කාර්යයට මහත් උපකාරයක් වුණා. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අනුමැතියත් ඔරයන් නමට බලපත්‍ර නිකුත් කිරීමත් කැනීම් සඳහා අයැදුම් කිරීමේ වේගයට සහායක්. ඉදිරි මාස කීපය තුලදී ලබාගන්නා ප්‍රතිපලය සමාගම සම්බන්ධ සාධනීය චිත්‍රයක් මවනු ඇත,” යි ටයිටේනියම් සෑන්ඩ්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ජේම්ස් සියර්ල් පවසා තිබුණි.

වසරකට ඛනිජ වැලි ටොන් 150,000ක් කැනීමේ ශක්‍යතාව සහිත ටයිටේනියම් සෑන්ඩ්ස් ආයෝජනයේ අපේක්ෂිත ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන දෙකක් බව කැනීම් සම්බන්ධ අඩසියවසකට වැඩි විශේෂඥතාවක් සහිත භූ විද්‍යාඥ ඩග් බ්‍රයිට් පවසයි.

ඒ සඳහා ආයෝජනය කරනු ඇත්තේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 122කි.

එමගින් ජාත්‍යන්තර පරිමාණයේ ඉල්මනයිට් නිෂ්පාදකයකු වෙමින් ප්‍රදේශවාසීන් 600කට රැකියා සම්පාදනය කෙරෙනු ඇති බවටද ඔහු අපේක්ෂාව පල කර ඇත.

 

mannar 7 1

mannar 7 2

mannar 7 3

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්