The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවට IMF වාරික දෙනවාද නැද්ද තීන්දු කරන තීරණාත්මක රැස්වීම 27 දා වොෂින්ටන් හිදී

T

The Leader Desk

May 22, 2026 • 3:44 AM

ලංකාවට IMF වාරික දෙනවාද නැද්ද තීන්දු කරන තීරණාත්මක රැස්වීම 27 දා වොෂින්ටන් හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF ) යටතේ වන පස්වැනි සහ හයවැනි සමාලෝචන (Reviews) ඒකාබද්ධව අනුමත කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වේ.
  • අප්‍රේල් 9 වනදා ශ්‍රී ලංකා රජය සහ IMF නිලධාරීන් අතර මේ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට (Staff-Level Agreement) පැමිණි අතර, මැයි 27 වනදා පැවැත්වෙන්නේ ඊට විධායක සභාවේ නිල අනුමැතිය ලබා දීමේ රැස්වීමයි.
  • මෙම ඒකාබද්ධ සමාලෝචන දෙක විධායක සභාව විසින් අනුමත කළහොත්, ශ්‍රී ලංකාවට මීළඟ වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට ආසන්න මුදලක් (SDR මිලියන 508 ක්) නිදහස් කෙරෙනු ඇත.
  • මෙය අනුමත වුවහොත්, සමස්ත IMF වැඩසටහන යටතේ ලංකාවට මේ දක්වා ලැබුණු මුළු මුදල ඩොලර් බිලියන 2.4 ක් දක්වා ඉහළ යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF ) යටතේ වන පස්වැනි සහ හයවැනි සමාලෝචන (Reviews) ඒකාබද්ධව අනුමත කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වේ.

2026 අප්‍රේල් 9 වනදා ශ්‍රී ලංකා රජය සහ IMF නිලධාරීන් අතර මේ සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට (Staff-Level Agreement) පැමිණි අතර, මැයි 27 වනදා පැවැත්වෙන්නේ ඊට විධායක සභාවේ නිල අනුමැතිය ලබා දීමේ රැස්වීමයි.

මෙම ඒකාබද්ධ සමාලෝචන දෙක විධායක සභාව විසින් අනුමත කළහොත්, ශ්‍රී ලංකාවට මීළඟ වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට ආසන්න මුදලක් (SDR මිලියන 508 ක්) නිදහස් කෙරෙනු ඇත.

මෙය අනුමත වුවහොත්, සමස්ත IMF වැඩසටහන යටතේ ලංකාවට මේ දක්වා ලැබුණු මුළු මුදල ඩොලර් බිලියන 2.4 ක් දක්වා ඉහළ යයි.

 IMF මණ්ඩලයේ අවධානයට ලක්වන කරුණු

මෙම අනුමැතිය ලබා දීමේදී IMF විධායක සභාව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව දැඩිව සලකා බලයි.

2025 වසරේදී ලංකාව 5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම, උද්ධමනය පාලනය කර තිබීම සහ 2026 මාර්තු අග වන විට නිල විදේශ සංචිත ඩොලර් බිලියන 7 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙහිදී ලංකාවට වාසිදායක වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පසුගියදා සඳහන් කළ පරිදි, මේ මුදල් නිදහස් කර ගැනීමට නම් රජය දිගින් දිගටම දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණවල නිරත විය යුතුය.

පිරිවැය ආවරණය වන මිලකරණය:
විදුලි සහ ඉන්ධන මිල ගණන්, ඒවායේ සැබෑ පිරිවැය පියවා ගත හැකි මට්ටමක (Cost-reflective pricing) පවත්වාගෙන යාම අනිවාර්ය වේ.

මීට අමතරව බදු ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී වැඩපිළිවෙළවල් වගේම මේ හැම දෙයකින්ම පීඩාවට පත්වන අවදානමට ලක්විය හැකි දුප්පත් ජනතාව ආරක්ෂා කිරීම (Social safety nets) පිළිබඳවත් IMF ආයතනය දැඩිව අවධානය යොමු කරනවා.

 
මෙම ඩොලර් මිලියන 700 ක මුදල ලැබීම ලංකාවේ විදේශ සංචිත තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම, ජාත්‍යන්තරය ඉදිරියේ රටේ මූල්‍ය විශ්වාසනීයත්වය තහවුරු කරගන්න ලැබෙන විශාල පිටුවහලක් වනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...