leader s

ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංග⁣මයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය 28දා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

දිවයින පුරා විසිරී සිටින සියලුම ගේය පද රචක, රචිකාවන් එකට එක්කොට ඔවුන්ගේ සුබ සාධනය අරමුණු කරගනිමින් 2020 වසරේ ආරම්භ කරන ලද සංගමයේ සියලුම නිලධාරීන්ගේ ධුර කාලය අවසන් බැවින් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ ඉදිරි වැඩපිළිවෙල ප්‍රකාශයට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.

ඒ අනුව සංගමය ආරම්භයේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සමග සමසභාපතිත්වය දැරූ නිලාර් එන්. කාසිම්  නව සභාපති වශයෙන් ද, ලේකම්වරයා ලෙස ජෝජ් රොබ්සන් ද සිල්වා ද භාණ්ඩාගාරිකවරයා ලෙස බන්දුල නානායක්කාරවසම් ද නැවතත් තේරී පත්වූහ.

කැලුම් ශ්‍රීමාල්, ආරාධනා ඒකනායක සහ චානක ජයසේකර පිළිවෙලින් උප සභාපති, උප ලේකම් සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා මෙහිදී තේරී පත්වූ අතර ජාතික සම්බන්ධීකාරකවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවල් මහතා කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු සංගමය ආරම්භ කිරීම සඳහා අනුප්‍රාණය දුන් ශිල්පියෙකි.

නව නිලවරණයේදී කාරක සභාව ලෙස උපාලි බණ්ඩාර වීරසේකර, රංජිත් රූපසිංහ, ශාන්ත ජයලත් තිසේරා, සුනිල් යෝගේන්ද්‍ර, බන්දුල ජයසිංහ, සමන් ප්‍රියදර්ශන, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, දයානන්ද රත්නායක, උමා අසේනි, රසික ඩී. දුමින්ද, නෙලූකා සංජීවනී ප්‍රනාන්දු, සුගත් සෝමවීර සහ අසන්ති කරුණානායක තේරී පත්වූහ.

සංවිධායක කමිටුව සඳහා පත්වූයේ රෝහණ හෙට්ටිආරච්චි, ඉන්දික අප්පුරාළ, සහ අනුර දසනායක ය. මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස සුජිත් ප්‍රසංග ද ගිණුම් පරීක්‍ෂක ලෙස නලිනි කාංචනා මුණසිංහ ද තේරී පත්වූහ.

ගේය පද රචක නාමාවලියේ පළමු වෙළුම මෙහිදී ජනගත වූ අතර සාමාජිකයන්ගේ හැඳුනුම්පත නිකුත් කිරීමද, ජාතික කලාකරු හැඳුනුම්පත් සඳහා අවශ්‍ය අයැදුම්පත් නිකුත් කිරීමද මෙහිදී සිදුකෙරිණි.

දීප ව්‍යාප්ත ගේය පද රචකයන් සඳහා වූ වට්ටම් පතක් සහ එම ශිල්පීන්ගේ රෝගාබාධ හා මරණ සම්බන්ධව ක්‍රියාවට නැංවෙන සුබ සාධන වැඩපිළිවෙළක් ද මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ අනුශාසක මණ්ඩලය ලෙස රඹුකන සිද්ධාර්ථ හිමියන් සමඟ ප්‍රවීණ මාධ්‍යවේදී ,ගී පද රචක තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රවීණ ගී පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල ද කටයුතු කරති.

Bandula 2023.12.30

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්