leader s

මේ දින වල ලාංකීය සිනාමා ප්‍රේක්ෂකාගාර තුළ දැඩි කතාබහකට ලක්වෙන My Red Comrade චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය
මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු සමඟ Mirror Arts යුටියිබ් නාළිකාවේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විය. 

එහිදී My Red Comrade චිත්‍රපටය සහ වර්තමාන සිනමාව පිළිබඳව බොහෝ අදහස් මෙම සාකච්ඡාවෙන් ඉස්මතු විය. වර්තමාන සිනමාවේ තිබෙන අඳුරු පැතිකඩයන් මෙන්ම සිනමාවේ සුන්දර තැන් ද තරින්දි මෙහෙ දී ස්පර්ශ කළාය. 

සංස්කෘතික මිනිසෙක් බිහිවීම තුළින් සමාජයට සිදුවන බලපෑම මෙන්ම තමා තුළින් ආරම්භ විය යුතු අරගලය පිළිබඳව ද තරින්දි මෙහෙ දී අදහස් දැක් විය. මෙම චිත්‍රපටයේ ඇය නිරූපණය කරන චරිතය ප්‍රබල චරිතයක් වන අතර ඇයට එය අභියෝගාත්මක චරිතයකි. ඇය මෙහි දී නිරුවත් රූපරාමු පෙළක් රග දක්වන අතර එම නිරුවත් වීම කලාත්මක නිරුවත්වීමක් බවත් ඇගේ සීමාමායිම් ඇය දන්නා බවත් Mirror Arts සමඟ පැවති සාකච්ඡාවේදී වැඩි දුරටත් කියා සිටියාය.
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්