leader s

මා පරිවර්තන කෘති පරිශිලනය/ කියවීම ඇරඹුවේ 70 දශකයේ මැද භාගයේ දී පමණ ය.

එකල බොහෝ විට කියවිමට ලැබුණේ: ජී. එස්. බී. සේනානායක, ඩී. පී. වික්‍රමසිංහ, පුන්‍යකාන්ති විජේනායක, කේ. ජී. කරුණාතිලක, ඊ. එම්. ආර්. ඊරියගොල්ල, මුනිදාස සෙනරත් යාපා, ඒ.පී. ගුණරත්න, ඌරාපොළ හේමාලෝක හිමි යනාදි ලේඛක ලේඛිකාවන් විසින් පරිවර්තිත කෘති ය.

80 දශකයේ භාගය වන විට: සිරිල් සී පෙරේරා, දැදිගම වී. රුද්‍රිගු, පියසේන මානිල්ගම, නාරාවිල පැට්‍රික් යනාදි පරිවර්තකයන් විසින් පරිවර්තිත කෘති කියවන්නට ලැබිණ. මෙම පරිවර්තකයන් විසින් බහුල වශයෙන් පරිවර්තනය කරන ලද්දේ රුසියන් සාහිත්‍ය කෘති වීම විශේෂිත ය.

යට සඳහන් කළ පරිවර්තකයන්ට අමතරව: සුගතපාල ද සිල්වා, රූ.පෙ. විජේසිංහ, දයාරත්න ගුරුසිංහ, ජී. ඩබ්ලියු. නන්දසේන, එළිසෙබෙත් බෝපෙආරච්චි, ගාමිණී විජේතුංග, රෙජී වීරමන්, ගුණතිලක මැටියගනේ, අභය හේවාවසම්, ප්‍රේමචන්ද්‍ර  අල්විස්, ආනන්ද සෙල්ලහේවා, උපාලි රත්නායක, මාලිනී ගෝවින්න, චන්ද්‍ර ශ්‍රී රණසිංහ, ගාමිණී වියන්ගොඩ, චින්තා ලක්ෂ්මී සිංහආරච්චි, අනුල ද සිල්වා, ටී. අන්ද්‍රාදි, පී. බී. ජයසේකර, චූලානන්ද සමරනායක, ආනන්ද අමරසිරි, රානි සේනාරත්න රාජපක්ෂ, නීලක කදුරුගමුව, අනුර කේ. එදිරිසූරිය, පසන් කොඩිකාර, ආනන්ද අමරසිරි, සහ කේ. කේ. සමන් කුමාර යනාදි ලේඛක ලේඛක ලේඛිකාවෝ ද අමතක කළ නොහැකි ය. නමුදු මේ අතුරින් ගාමිණී වියන්ගොඩ නමැති පරිවර්තකයා මෙරට පරිවර්තන සාහිත්‍යයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හැඳින්විය හැකි ය.

ගාමිණී වියන්ගොඩ පරිවර්තන සාහිත්‍යයට ප්‍රවේශ වන්නේ 1990 වසරේ දී ය. ඒ, එම වසරේ මැයි මාසයේ දී සිය ප්‍රථම පරිවර්තන කෘතිය වන ‘‘රාග රිද්ම’’ කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් කරමිනි. මා යට සඳහන් කළ විශේෂත්වය මෙම කෘයෙන් ම ඇරඹිණි. එනම් එතෙක් ලංකාවේ සිංහල පාඨක ප්‍රජාව හඳුනාගෙන නොසිටි ලේඛක ලේඛිකාවන් සමූහයක් හඳුන්වා දීමට හෙතෙම කටයුතු කිරීම ය.

ඒ ආකාරයට නවතම ලේඛක ලේඛිකාවන් සමුහයක් සිංහල පාඨක ප්‍රජාවට හඳුන්වා දුන්නේ ඇයි ද යන්න සහ පරිවර්තන සාහිත්‍ය පිළිබඳ ගාමිණී වියන්ගොඩ ලේඛකයා දරන මතය කුමනාකාර ද යන්න පහත පළවන විඩියෝව නැරඹීමෙන් පසක් කරගත හැකි ය.

සටහන :
(ජයසිරි අලවත්ත)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024/06/23 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්