චිත්‍ර කලාව හෙවත් සිතුවම් යනු සෞන්දර්ය විෂයේ ම අංගයකි.

එම කලාංගය ප්‍රගුණ කළ ඇතැම් අය චිත්‍රය පමණක් ම තම මාධ්‍යය කරගන්නා අතර තවකෙක් චිත්‍ර කලාවේ වෙනත් මාන ද ස්පර්ශ කරයි. ඒ හා සමග ම ඊට පරිබාහිර මාන ද ස්පර්ශ කරයි. ලාංකීය සිතුවම් කලාවේ ප්‍රකට අය අතර ද එවැන්නෝ සිටිති. ශාන්ත කේ. හේරත් යනු එබඳු කලා ශිල්පියෙකි; නිර්මාණකරුවෙකි.

ශාන්ත කේ. හේරත් එක් මොහොතක ගැඹුරු අරුත් දනවන සිතුවම් අඳින්නෙකි. තවත් මොහොතක කාටුන් නිර්මාණ ශිල්පියෙකි. ඊළඟ නිමේෂයේ පොත් කවර නිර්මාණ ශිල්පියෙකි; සම්මානලාභී පොත් කවර නිර්මාණ ශිල්පියෙකි. තවත් පසෙකින් මූර්ති ශිල්පියෙකි. එමෙන් ම පුවත්පත් පිටු සැලසුම් ශිල්පියෙකි. ළමුන් සඳහා චිත්‍ර කලාව උගන්වන ගුරුවරයෙකි.

පසුගිය දිනෙක මේ කලාකරුවා theleader TV ගෙන එන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග එක් විය. එහි දී හෙතෙම: චිත්‍ර කලාව, පිට කවර කලාව සහ චිත්‍ර කලාව සම්බන්ධයෙන් වූ වෙනත්  කරුණු බොහොමයක් පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කළේ ය. පහත පළවන විඩියෝව නරඹන්නේ නම් ශාන්ත කේ. හේරත් නමැති කලාකරුවා/ සිතුවම් ශිල්පියා පිළිබඳ කිසියම් අදහසක් කියවා ගත හැකි වනවා නොඅනුමාන ය.

(සටහන - ජයසිරි අලවත්ත)
2024/06/30  

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්