leader s

ප්‍රසන්න විතානගේ නවතම සිනමා නිර්මාණය, පැරඩයිස් එය නැරඹූ ප්‍රේක්ෂකයන් ට මෙතරම් කම්පනයක් ඇති කළේ ඇයි...?


එහි සිනමා ආඛ්‍යානයේ ප්‍රබල බව නිසාද..? නැතහොත් රංගන ශිල්පීන්ගේ ප්‍රබල රංගනය, කැමරාකරණය, සිනමා සංස්කරණය හෝ වෙනත් සිනමා භාෂාවට ආවේණික ශිල්පීය කුසලතාවන් නිසාද...? නැත. නමුත් ඒ සියල්ල අතිවිශිෂ්ඨ තලයක තිබෙන, අධ්‍යක්ෂකවරයාගේ උසස් ප්‍රතිභාව මොනවට කියාපාන ඒ සියළු ශිල්පීය කුසලතාවන් පරයා නැගෙන ප්‍රසන්න විතානගේ ගේ දෘෂ්ඨිමය ආලෝක කදම්භයයි...එහි ප්‍රබල ප්‍රකාශනයයි...

 

jhf45sd

බංකොලොත් වූ රටක, ජන පීඩාව දරාගත නොහැකි අවස්ථාවක, සියළු මහජන සේවා අර්බුදයකට පත්ව ඇති වකවානුවක, පාරාදීසයක් බඳු මෙරට සංචාරයක නිරතව සිටින, රාමා- සීතා - රාවණා පුරාවෘතය මෙබිම තුළ ගවේෂණය කරන බුද්ධිමත් මෙන්ම නවීකාරක වූ ඉන්දීය මලයාලම් තරුණ යුවලක් වටා ගෙතුණු කතා සාරයක් පසුබිම් කොට නිර්මාණය වූ Paradise සිනමා කෘතිය පමා නොවී නරඹන ලෙස පමණක් මම ඔබට ආයාචනය කරමි.

dfw45gvv

 

ආර්ථික දේහය බරපතල ලෙස රෝගාතුර වූ අවස්ථාවක, සුන්දර කඳුකර පරිසරයේ ගවේෂණාත්මක චාරිකාවක නිරතවෙන එම ආගන්තුක යුවල ඉතා අනපේක්ෂිත ලෙස මුහුණ දෙන සිද්ධියක් පදනම් කරමින් ප්‍රසන්න අප අපව ප්‍රශ්න කරමින් ගෙන යන්නෙ පාරාදීසයේ සුන්දරත්වය පසාරු කරමින් කියන රාජ්‍යයේ අනීතික, හිංසනීය, අකාරුණික සහ අකාර්යක්ෂම බියජනක යථාර්ථය වෙතය...

අතිශය අමානුෂික, පරපීඩක නීතිය හා සාමයේ ම්ලේච්ඡ බල අධිකාරිය නොඉවසන, සමාජ ස්ථරයක සාධාරණ හා සාමුහික ප්‍රචණ්ඩ නැගිටීමක ඛේදනීය අවසානයක් වෙතය....

 

 


එම සමාජ - දේශපාලන කියවීම තුළ තම අනාගත  ජීවිත පිළිබඳ මහත් බලාපොරොත්තු තැබූ නව යුවලේ ආදරණීය බැඳීම අභියෝගයට ලක් වෙමින් කියවෙන මානුෂීය ගුණාංග හා ඛේදනීය මෙන්ම බිහිසුණු සදාකාලික වෙන්වී යාමක් පිළිබඳවය...

ප්‍රසන්න ඔබගේ සිනමා නිර්මාණය අතිවිශිෂ්ඨ ය. සියළු ශිල්පීය දායකත්වය අපූර්වත්වයකි. දේශීය සිනමා ප්‍රේක්ෂක සමූහය පමණක් නොව ජාත්‍යන්තර ප්‍රේක්ෂක තලයේ ශ්‍රී ලංකා සළකුණ සටහන් කරන ඔබගේ ප්‍රයත්නයට ආචාරය.  

parad

එමග පමණි ඇත්තේ...හිතවත Paradise නොපමාව බලන්න...

(බන්දුල චන්ද්‍රසේකර )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

බන්දුල චන්ද්‍රසේකරගේ ෆේස්බුක් පිටුවෙන්....
2024-6-29

සබැඳි ලිපි :

ප්‍රසන්නගේ 'පැරඩයිස්' චිත්‍රපටය මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එක්වර තිරගත වේ

hdlkfrec565

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්