ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැන ඒකවර්ණ චිත්‍ර ප්‍රදර්ශනයක්..
ව්‍රායි කැලී බල්තසාර්, දිනුෂි පමුණුව සිත්තර සුසංයෝගයේ මංගල චිත්‍ර ප්‍රදර්ශනය පාරාදීසයේ කුරුල්ලෝ (BIRDS OF PARADISE), ජූලි 19 සිට 25 දක්වා පෙ.ව. 10 සිට සවස 5 දක්වා Curado Art Space, 302, පාර්ක් රෝඩ්, කොළඹ 05 හිදී, සහෘද ඔබ සඳහා විවෘතව තිබේ.
ශ්‍රී ලංකාවේ මනස්කාන්ත පරිසරය, පක්ෂි විශේෂ 524කට නිවහනය. ඉන් 34ක් ආවේණික පක්ෂීහු වෙති. මෙම අද්විතීය ජෛව විවිධත්වය බරපතල තර්ජනවලට මුහුණ දෙමින් සිටියි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන විනාශය, වාසස්ථාන අහිමි වීම මෙන්ම දේශගුණික විපර්යාස ආදිය, මෙම පක්ෂීන් මුහුණ දෙන අභියෝග වේ.
පර්යේෂිකාවක සහ දේශපාලන ක්‍රියාකාරිනියක වන ව්‍රායි
ව්‍රායි කැලී බල්තසාර්පර්යේෂිකාවක සහ දේශපාලන ක්‍රියාකාරිනියක වන ව්‍රායිට, කුරුල්ලන්ගේ ලෝකය හා බැඳුනු මෙම සිතුවම් ගවේෂණය, ඇගේ සංකීර්ණ ජීවිතයේ සැනසීම සහ ප්‍රීතිය ලබා දෙන ගැඹුරුතම චාරිකාවකි.
මෙම ප්‍රදර්ශනය, ස්වභාවධර්මය කෙරෙහි වන ආදරය බෙදා ගැනීමට මෙන්ම, අප නිවසන මෙම පාරාදීසය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කිරීමට වේදිකාවක් ලෙස ද ක්‍රියා කරනු නිසැකය.
ව්‍රායි සමග, වෘත්තීය විලාසිතා නිර්මාණවේදිනියක වන දිනුෂි පමුණුව මෙම ප්‍රදර්ශනයේදී එක්ව කටයුතු කරයි.
දිනුෂි, බතික් කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි. ඇය බතික් ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ නවීන නිර්මාණ ඔස්සේ සාම්ප්‍රදායික බතික් ක්‍රමයට සහ බතික් ශිල්පීන්හට පිළිගැනීමක් ලබාදීමට ප්‍රයත්න දැරුවාය.
ඇයගේ වැඩ කටයුතු බ්‍රිතාන්‍යයේ වෝග් සඟරාවෙහි පළ කර ඇති අතර, මිලාන් විලාසිතා සතියේ ද ප්‍රදර්ශනය කර ඇත. විලාසිතා කර්මාන්තය වැඩි වැඩියෙන් ඩිජිටල් ප්‍රවණතා වැලඳ ගන්නා සමයක, දිනුෂි සම්ප්‍රදායික බතික් ශිල්පය ආරක්ෂා කිරීමට කැප වී සිටියි.
ව්‍රායි සමඟ ඇයගේ සහයෝගීතාවය, මෙම කලා ශිල්පය විචිත්‍රවත් ලෙස සමාජගත කිරීමට වැදගත් අවස්ථාවක් ලබා දෙයි.







