leader s

අවියෙන් වනසන්ට බෑ උතුම් අරමුණු

nandana 234
හඬගා කියන නුඹෙ හඬ අහසේ හැපෙනු

ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු


යට උපුටා දැක්වූයේ අපේ කතා නායකයා 1990 වසරේ ප්‍රකාශයට පත් කළ ‘කිරි සුවඳැති රාත්‍රිය’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ‘බක් මහේ කටහඬ’ කාව්‍ය පංතියේ අවසන් කවිය යි.

ඔහු සිය කාව්‍ය මාවතට පිවිසෙන්නේ 1984 වසරේ දී ය. ඒ ‘ගිං ගඟේ විලාපය’ නමැති කාව්‍ය සංග්‍රහය ජනගත කරමිනි. මේ 2024 වසරයි. එදා සිට මේ දක්වා වසර හතළිහක් ගෙවී ගොස් හමාර ය. නමුදු අපේ කවියා තවමත් සිය කාව්‍යකරණයේ යෙදී සිටී; ඒ, කවියේ බොහෝ ඇසූ පිරූ තැන් ද ස්පර්ශ කරමිනි. දැනට එහි කූටප්‍රාප්තිය වන්නේ ඔහු විසින් අවසන් වරට රචිත ‘ක්ෂණ නියාම’ කාව්‍ය සංග්‍රහය යි.

1984 වසරෙන් ඇරඹි ඔහුගේ කාව්‍යාගමනයේ දී 2021 වසර වන විට කාව්‍ය කෘති 12ක් පාඨක ප්‍රජාව හමුවට සම්මුඛ කර ඇත. ඒ අතුරින් කෘති දෙකක් පරිවර්තන වන අතර අනෙක් කෘති දහය ම ස්වතන්ත්‍ර නිර්මාණ ය. මෙහි විශේෂත්වය වන්නේ එම කෘති දහය අතුරෙන් කෘති හතක් ම සම්මානයට පාත්‍ර වීම ය; එක් සම්මානයක් නොව ඇතැම් කෘති සම්මාන දෙකක් හිමි කරගැනීමට තරම් සුවිශේෂී ගුණයෙන් යුක්ත වීම ය.

ඔහු අන් කිසිවකු නොව කිවියර නන්දන වීරසිංහ ය.

 

448910900 2804465819709639 1756545343753297716 n

නන්දන විරසිංහ නම් වූ මේ සුවිශේෂි කවියාගේ හතළිස් වසරක කාව්‍යාගමනය සමරනු වස් ලංකා ලේඛක සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘ප්‍රතිමානන’ උවසර උළෙල මෙම මස (2024/07) දහවන දින සවස 02.30ට කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වේ.

image b35ad41a90

 

මේ අවස්ථාවේ දී කෘති හතරක් ද නිකුත් වීමට නියමිත ය. ඒ: ඔහුගේ පළමු කෘතිය වන ‘ගිං ගඟේ විලාපය සහ දෙවන කෘතිය වන ‘කිරි සුවඳැති රාත්‍රියක්’ නමැති කෘති ද්විත්වයේ තුන්වන මුද්‍රණය, ඔහුගේ පස්වන කාව්‍ය සංග්‍රහය වන ‘මහත් සඳ පිනි බිඳෙක’ කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනය සහ කිවියරයාගේ හතළිස් වසරක සාහිත්‍ය සේවය අගයමින් සම්පාදිත ‘ප්‍රතිමානන’ නම් වූ උපහාර ග්‍රන්ථය යි.

‘මහත් සඳ පිනි බිඳෙක’ ග්‍රන්ථය ‘MASSIVE MOON IN A DEW DROP’ යන මැයෙන් පරිවර්තනය කරනු ලබන්නේ ආනන්ද දේවප්‍රිය විසිනි.

ලියනගේ අමරකීර්ති, මංජුල වෙඩිවර්ධන, පරාක්‍රම කොඩිතුවක්කු, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ජයතිලක කම්මැල්ලවීර සහ නව පරම්පරාවේ කිහිප දෙනකුගේ ලිපි ඇතුළත් ‘ප්‍රතිමානන’ උපහාර සංග්‍රහය සංස්කරණය කරනු ලබන්නේ ආචාර්ය මහේෂ් ක්‍රිෂාන්ත විසිනි.

පහත පළ වන්නේ theleader TV ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග කිවියර නන්දන වීරසිංහ කළ සම්මුඛ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)
2024/07/07

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්