leader s

මහරාජා ෆිල්ම් එක ලංකාවෙ බහුතරයකගෙ පපුව වෙඩරු වගේ උණු කරගෙන, ඇස් කඳුලින් තෙමාගෙන, අම්මෝ අම්මෝ ගානට වැදුනු චිත්‍රපටියක් බව පේනවා.

ඒ චිත්‍රපටයෙ නිමාවට, සමහර දර්ශන ගොඩනගලා තිබුනු විදිහට, ඒ වගේම කාල රාමුව මත එහා මෙහා යන විදිහට මං කැමතියි. 

 

maharajamain 1720723435මේක මුල ඉඳන් අගටම සේතුපතිට තියෙන්නෙ එකම විදිහට ඉන්න.
ඒත් මට ඒක moda චිත්‍රපටියක්. මං modai කියන්නෙ ප්‍රේක්ෂකයා modayek කියලා උපකල්පනය කරමින් හදපු චිත්‍රපටියක් කියන එක. දැන් මේක කිව්වා කියල මගේ ඇගට කඩාගෙන පනින්න එපා. ඔය හැගුම්බර වීමේ ආවේශය තමයි විචාරයක් බාරගන්න බැරි තරමට මැටි වීම.

 

maharaja 2024 tamil hd posters still anurag kashyap vijay sethupathi movie 3අනුරාග් මීට කලින් කරපු පොඩි පොඩි චරිතවලට වඩා මේකෙ යම් විස්තරාත්මක නිරූපනයක් කරනවා.
මට මේ චිත්‍රපටයේ සේතුපතිගේ රගපෑම වුනත් ඒ තරම් විශේෂයක් නෑ. මීට වඩා විශිෂ්ට රගපෑම් තියෙන සේතුපතිගෙ චිත්‍රපටි මං බලලා තියෙනවා. මේක මුල ඉඳන් අගටම සේතුපතිට තියෙන්නෙ එකම විදිහට ඉන්න. අනුරාග් මීට කලින් කරපු පොඩි පොඩි චරිතවලට වඩා මේකෙ යම් විස්තරාත්මක නිරූපනයක් කරනවා. ඒත් ඒක විශිෂ්ට මට්ටමේ එකක් කියන්න මට පුළුවන්කමක් නෑ.

මේ වගේ චිත්‍රපට දමිළ සිනමාවේ බහුලයි. තාත්තා දුව, අම්මා පුතා, වගේ බේසික් හැගීම් කලාපයක් අල්ලගෙන කතාව වනන එක ලොකු වික්‍රමයක් නෙමෙයි. ඒක ප්‍රේක්ෂකයාගේ ප්‍රාථමික හැගීම් එක්ක ගනුදෙනු කිරීමක්. ධර්මයුද්ධය කියලා සිංහලට ආපු drishyam චිත්‍රපටියත් එහෙමයි. තමන්ගේ දුව වෙනුවෙන් නීතිය අතට අරගෙන මිනීමරන තාත්තලා ගැන හදන කතන්දර.

 

maha2මේ වගේ චිත්‍රපට දමිළ සිනමාවේ බහුලයි.

මේ චිත්‍රපටවල දෘෂ්ටිවාදය baiyanta ගැලපෙන දෘෂ්ටිවාදයක්. ඒ කියන්නෙ තමන්ගේ පවුල වෙනුවෙන් සියලු නීති නැමිය හැකිය කියන එක. ඒ වෙනුවෙන් කපා කොටා ඝාතන කළ හැකිය කියන එක. පොලිසිය, නීතිය සහ ලෝකයේ අන් සියලු ආයතන ඊට යටත්ය කියන එක.

ඇත්තටම සෞන්දර්ය හෝ කලාව තියෙන්නෙ මේ විදිහෙ ප්‍රාථමික ගෝත්‍රික හැගීම් උත්කර්ෂයට නංවන්න නෙමෙයි කියන එකයි මගේ විශ්වාසය.

maharaja movie reviewඇත්තටම සෞන්දර්ය හෝ කලාව තියෙන්නෙ මේ විදිහෙ ප්‍රාථමික ගෝත්‍රික හැගීම් උත්කර්ෂයට නංවන්න නෙමෙයි කියන එකයි මගේ විශ්වාසය.

 

අපි කලාව ගැන විශ්වාස කරන විවිධ ඉස්කෝල තියෙනවනෙ. ඔය දකුණු ඉන්දියානු ඉස්කෝලෙ මට තියෙන ලොකුම අවුල ඒක.

ප්‍රේක්ෂකයා modayek බවට පත් කරනවා කියල මං කියන්නෙ හුදු හැගීම් මත ක්‍රියා කරන බුද්ධිය අංශුමාත්‍රයක් හෝ නැති කෙනෙක් කියන අදහසින් තිරපිටපතේ ඉඳන් වැඩ කරන එකට. උදා විදිහට මහරාජා චිත්‍රපටියෙ අර අපයෝජනයට ලක්වෙන දුව අපරාධකාරයාගේම දුව බවට හරවන ට්විස්ට් එක මට ජීවිතේට පිටපතක ලියන්න බෑ. ඒ තරමට ඒක හිරිකිතයක් ලැජ්ජාවක් දනවනවා. 

 

චිත්‍රපටයකදි හෝ නිර්මාණයකදි අපි යතාර්ථය මත පිහිටන්න උවමනා නෑ. ඒත් හුදෙක් හැගීම් අවුලවන්න අන්දබූත සම්බන්ධතා ගොඩනගනවා කියන්නෙ ප්‍රේක්ෂකයාගේ බුද්ධි මට්ටම අවතක්සේරු කිරීමක්. ජාතක කතාවලවත් ඔහොම වැඩ කරන්නෙ නෑ. හැබැයි ඒක වැඩ කරනවා කියන්නෙ මං වැරදියි, මහරාජා ඩිරෙක්ටර් හරි කියන එක.

අර අන්තිමට අනුරාග් කකුල් කඩාගෙන බඩගාන දර්ශනය මට ඔක්කාරය ඇති කරන තරමෙ එකක් වුනා. ඒ මදිවට ඒ යකා වැටිලා මැරෙනවත් එක්ක. මේ තරම් භාවාතිෂය දේවල් ලියන්න පුළුවන්ද කියල මට හිතුනා. බලද්දි ක්‍රින්ජ් ගතියට හිරිගඩුත් පිපුනා.

 

mahas1මහාරජා කියන්නෙ හරියට ලිට්මස් පරීක්ෂාවක් වගේ දෙයක්.
අන්තිමට වෙන්නෙ ඒ මහා අප්පච්චිත් පොලිසියට පගාව දීලා miniමරන එක.

එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. මහාරජා කියන්නෙ හරියට ලිට්මස් පරීක්ෂාවක් වගේ දෙයක්. මේ චිත්‍රපටිය අදහන මේ තරම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියන්නෙ පුතේ 2029 අනිවාර්යෙන්ම නාමල් පුතා ජනාධිපති වෙනවා කියන එක.

හරි මචං එළ කියනවට වඩා අපි මොකුත් කියන්නේ නැ - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්