leader s

ශ්‍රී ලාංකේය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන වෛද්‍ය කාන්චනමාලා රණසිංහ ගායනා කළ ‘‘පතිනියක වී’’ ගීතය ‘‘ලෝක මහද්වීපික සංගීත

සම්මාන – 2024’’ (World international Music Awards) උළෙලේ ආසියානු සම්භාව්‍ය අංශයෙන් අවසන් වටයට තෝරාගෙන තිබේ.

මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවැනි අවසන් වටයට ලාංකීය ගීතයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ. එහි ආසියානු සම්භාව්‍ය අංශයේ (Asia region Classical) ඉහළම තැන මෙයට හිමි වී තිබීම විශේෂත්වයකි. 

මෙහි ජයග්‍රාහකයන් අගෝස්තු 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ලෝක මහද්වීපික සංගීත සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටය.

වෛද්‍ය කාංචනමාලා රණසිංහ මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඇය එහි ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනියක ලෙස කටයුතු කරන්නීය. 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයේ රඟපෑ මාලිනී රණසිංහ හා ටෙරන්ස් රණසිංහ යුවළගේ දියණිය වන වෛද්‍ය කාංචනමාලා ද ‘‘සිංහබාහු’’ නාට්‍යයේ පුෂ්පා දේවිය ලෙස රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රඟපෑම විශේෂත්වයක් විය. ඇය මේ වනවිට ගීත රැසක් ගායනා කර අන්තර්ජාලයට එක්කර ඇති අතර, ‘සඳ පහන් රෑ’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක්ද 2023 වසරේදී මෙරටදී පැවැත්වූවාය.

(lankadeepa.lk -සමන්ත යම්පත්)

 

image f3a0f32231

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්