සම්මානිත සිනමාකරු ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ පැරඩයිස් චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදයක් ජූලි 25 වැනිදා මරදාන සිනෙසිටි සිනමා ශාලාවේ දී සිදු කිරීමට නියමිත ය.
"අරගලයට පසු සිනමාව - යථාවේ නිරයට පාරාදීසයෙන් ඇරයුමක්" නමින් මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් සංවිධානය කෙරෙන මෙම වැඩසටනේ දී එදින සවස 1.30ට චිත්‍රපටය තිරගත කෙරෙන අතර ඒ සඳහා ප්‍රවේශ පත්‍රය රුපියල් 800ක් වේ. සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සවස 3ට සංවාදය ආරම්හ කිරීමට කටයුතු යොදා ඇත. විවෘත සංවාදය සිදු කෙරෙන්නේ පස්වරු 5න් අනතුරුව යි.
විදර්ශන කන්නන්ගර, ජීවන්ත පීරිස් පියතුමන්, විමුක්ති ජයසුන්දර, ශේනු පෙරේරා, සෙබෙස්තියන් මෝහන් රාජ් එදින සංවාදයේ මූලික අදහස් දැක්වීමට නියමිත ය. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ගීතිකා ධර්මසේන විසිනි.
චරිතාංග මලයාලම් නළු රෝෂන් මැතිව් සහ චරිතාංග නිළි දර්ශනා රාජේන්ද්‍රන් සමඟ ශ්‍රී ලාංකික රංගන ශිල්පින් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇති ඉන්දීය-ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වන පැරඩයිස් සිනමාපටය පසුගිය මාසයේ සිට ලොව පුරා තිරගත වීම ඇරඹිණි.







