leader s

මීට දෙවසරකට පමණ ඉහත කාලය දක්වා කුමුදු කුමාරසිංහ නමැති නාමය ඇසූ සැණින් අපට සිහිපත් වූයේ දක්ෂ නිළියක සහ හඬ කැවීම් ශිල්පිණියක පමණි.

 

නමුදු කොවිඩ් වසංගතය පැවති සමයේ ඇය, තමාට ලේඛන හැකියාව ද පවතින බව ප්‍රකට කළා ය. ඒ, ඇගේ ජිවන අත්දැකිම් facebook මුදා හරිමිනි.

 

කුමුදු මතක කොළඹ'- (මංජුල වෙඩිවර්ධන)කුමුදු කුමාරසිංහ
එලෙස facebook වෙත මුදා හැරි ඇගේ ජීවිත පවත පසුගිය වසරේ (2023) ‘‘කොළඹ මතක’’ යන මැයෙන් කෘතියක් ලෙස ජනගත කෙරිණ; එම කෘතිය සඳහා ඇය ද බලාපොරොත්තු නොවූ තරම් පාඨක ප්‍රතිචාර ද ලැබිණ. 

එලෙස ලද පාඨක ප්‍රතිචාරවලින් උත්තේජනය වූ ඇය සිය ජිවිත පවතේ දෙවන කොටස ද ලිවීමට පෙලඹුණා ය. ඇය එම කෘතිය නම් කරන්නේ ‘‘කොළඹ මතක 2 ජිවිතයෙන් වේදිකාවට’’ යන මැයෙනි.

එම කෘතිය ජුලි 31වන දින සවස 03.30ට කොළඹ 07, ටොරින්ටන්හි පිහිටි ලේඛනාගාර ශ්‍රවණාගාරයේ දී ජනගතකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ඇය දැනුම් දුන්නා ය.

speakrs trepUntitled 1විදර්ශන කන්නනංගර - ගීතිකා ධර්මසිංහ - පුබුදු ජයගොඩ

 

එදින ‘‘කොළඹ මතක 2 ජිවිතයෙන් වේදිකාවට’’ කෘතිය පිළිබඳව අදහස් දක්වන්නේ: ගීතිකා ධර්මසිංහ, පුබුදු ජයගොඩ සහ විදර්ශන කන්නනංගර ය.

සාහිතකාමි සියලු දෙනාට එදින සවස 03.30ට ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයට පැමිණෙන මෙන් කුමුදු කුමාරසිංහ ආරාධනා කර සිටින්නී ය.

 

tr
(ජයසිරි අලවත්ත)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්