leader s

ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන 2024’’ අවසන් වටය සඳහා නිර්දේශිත කෘති පහ ප්‍රසිද්ධියට පත් කර ඇත.


අවසන් වටයට නිර්දේශිත කෘති පහ සඳහා ම සම්මාන සහ රුපියල් ලක්ෂය බැගින් වූ මුදලක් හිමි වන අතර ප්‍රශස්තම කෘතිය සඳහා ස්වර්ණ පුස්තක සම්මානය සහ රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් හිමි වේ. ඒ අනුව ජයග්‍රාහි කෘතිය සඳහා ලක්ෂ අටහමාරක මුදලක් හිමිවේ.

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි විශේෂත්වය වන්නේ අදාළ කෘති ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන ද ඇගයීමට ලක් කිරීම ය. ඒ අනුව අදාළ කෘති ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන සඳහා ද සම්මාන හිමි වේ.

මෙවර අවසන් වටය සඳහා නිර්දේශ කෘති, කතුවර කතුවරියන් සහ ප්‍රකාශන ආයතන පහත පරිදි ය.

තිවංක කතාව - එරික් ඉලයප්පාරච්චි - ගොඩගේ සහෝදරයෝ

 

තිවංක කතාව

සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න - සූරිය ප්‍රකාශකයෝ

 

සිල්වර් ටිප්ස්

කැමෙලියා - විරාජිනී තෙන්නකෝන් - සරසවි ප්‍රකාශන

 

කැමෙලියා

මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - සන්ථව ප්‍රකාශන

 

මැයි මාර ප් රසංගය

කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති - විදර්ශන ප්‍රකාශන

 

කැළලිකාරයෝ e

(ජයසිරි අලවත්ත)

453408730 8688293571195256 6417539509559728823 n

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්