leader s

2008 වසරේ දී ‘කවිය කම්බස්’’ යන මැයෙන් කාව්‍ය සංග්‍රහයක් ජනගත කළ මහේෂ් කුමාර නමැති කවියා කවියකු මතු නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි; නාට්‍ය පරිවර්තකයෙකි.

mahesh kumaraමහේෂ් කුමාර

 

ඔහු මේ වන විට නාට්‍යකරණය හදාරණ සහ එයට උනන්දුව දක්වන අය වෙනුවෙන් නවතම කාර්යයක් ඉටු කරන්නට සැරසේ. ඒ, ජර්මන් ජාතික නාට්‍යකරුවෙකු වන හයිනර් මූලර්ගේ නාට්‍ය පිටපත් එකතුවක් තනි කෘතියක් ලෙසින් ජනගත කිරීම ය.

 

IMG 20240813 WA0003

එය සිදුකෙරෙන්නේ 2024 අගෝස්තු මස 24වන දින සවස 03.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ය.

නාට්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින ඇතැම් අයට හයිනර් මුලර් යන නම හුරු පුරුදු නොවන්නට පිළිවන. එබඳු අය උදෙසා ම හයිනර් මුලර් සහ ඔහුගේ නාට්‍ය පිළිබඳ හඳුනාගැනීම සහ මහේෂ් කුමාරගේ පරිවර්තන කෘතිය පිළිබඳ කෙරෙන මෙම සාකච්ඡාවට සම්පත් දායකත්වය සපයන්නේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ සහ ආචාර්ය කංචුකා ධර්මසිරි යන දෙපළ ය.

 

mular1
එසේ නම් වේදිකා නාට්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන, මහේෂ් කුමාරගේ සාහිත්‍ය කලා (නාට්‍ය) දිවියට ඇලුම් කරන සියලු දෙනා ම එදින අදාළ වේලාවට අදාළ ස්ථානයට පැමිණෙන මෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි. 

(ජයසිරි අලවත්ත)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්