leader s

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක  හා චන්ද්‍රලේඛා පෙරේරා යන

දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි.

මෙම කලාකරුවන් දෙදෙනා වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු අතර එම උත්සවයට ව්‍යාවස්ථාදායක සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායක ඉවාන් මුල්හොලන්ඩ් මන්ත්‍රිවරයාගේ සත්කාරකත්වය ලබා දී ඇත. එරට විපක්ෂ නායක ජෝන් පෙසුටෝ හා රිචඩ් වෙල්ඩ් විසින් මෙය සංවිධානය කර තිබුණි.

එරට පාර්ලිමේන්තුවෙන් ලැබුණු ඉහළම ගෞවරය වන අතර මෙරට කලාකරුවකු එවැනි ගෞවරයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.


 මෙහිදී රූකාන්ත - චන්ද්‍රලේඛාගේ දියණියන් වන රයිනි ගුණතිලක හා වින්ඩි ගුණතිලකද ටද, බෑනනුවන් වන සංගීතවේදී සනුක වික්‍රමසිංහට ද විශේෂ සම්මාන පිරිනැමිණි.

(lankadeepa - සමන්ත යහම්පත්)



rukantha 1

rukantha 3

rukantha 4

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්