theleaderlk 01

ගැනිමේඩ් කියන්නෙ මනුෂ්‍යයන් අතර සොඳුරුතම තරුණයා විය. දෙවියන් විසින් ඔහු පැහැරගෙන ගොස් සියුස්ගේ මධුවිත පුරන්නා බවට පත් කළහ. ඒ ඔහු‍ගේ සුන්දරත්වය අමරණීය විය යුතු නිසාමය. - හෝමර්

සොක්‍රටීස් කියන හැටියට ගැනිමේඩ් කියන්නෙ සියුස් ප්‍රේමයෙන් ඇද වැටුණු තරුණයාට.

ගැනිමේඩ් ට්‍රෝයි නුවර අසල කඳු මිටියාවතක එයාගෙ බැටළුවන්ට තණ කෑමට ඉඩ හැරලා බලා සිටිනවා. සියුම් මේ තරුණයාව දැකලා මන්මත් වෙනවා. එයාට මේ තරුණයාගේ සුන්දරත්වය තාවකාලිකයි කියන එක දරාගන්න බැරි වෙනවා. එයාට ඕන වෙනවා ගැනිමේඩ් එක්ක සදාකාලික තාරුණ්‍යයක ගත වෙන ප්‍රේමයක්.

ganymede 240910

 

සියුස් රාජලියෙකුගේ වෙස් ගෙනවිත් ගැනිමේඩ් ගේ උරහිසේ වහනවා. මනුෂ්‍ය ප්‍රාණීන්ට බැහැ දෙවියන් සියැසින් දකින්න. එහෙම දකින මොහොතේ ඔවුන් අළුවී යනවා. ගැනිමේඩ් සියුස්ව දකිනවා. ඒ මොහොතේම එයා අළු බවට පත්වෙනවා. 

 
සියුස් ඒ අළු ඔවුන්ගේ ආදරයේ තරම කියන්නට අහසේ විසුරුවා හරිනවා. ගැනිමේඩ් රාත්‍රී ආකාශයේ සමරිසි අනුරාගය වෙනුවෙන් පායන තරුවක් බවට පත්වෙනවා.

සියුස් විසින් රාජාලි වේශයෙන් ගැනිමේඩ්ව දෙවියන්ගේ වාසභවන වූ ඔලිම්පස් කඳු මුදුන‍ට රැගෙන ගිය බවයි කියන්නෙ. සියුස් සමීපයෙන්ම සිටින මධුවිත පුරන ප්‍රේමවන්තයා බවට ගැනිමේඩ් පත් වුනු බවයි කියන්නෙ.

  
තුෂාරා සෙව්වන්දි ලියපු මේ සිංදුව මං හිතන්නෙ සිං‍හලෙන් සමරිසි ප්‍රේමය ගැන මෙතෙක් ලියවුනු සොඳුරුතම ගීතය කියලයි. 

තුෂාරා ඒක ලියන්නෙ මංගල සමරවීරට සැමරුමක් වනු පිණිසයි.
කසුන්ගේ සංගීතයත් එක්ක මේ සිංදුව අපේ ගීත අවකාශයේ දිදුලන තරුවක් විදිහට හැමදාම තියේවි.
 
 


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

pe2024 2

worky sin

නවතම පුවත්