leader s

අජන්ත සෙනෙවිරත්න විසින් රචිත ‘‘කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම’’ නම් වූ නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගතකිරීම කොළඹ ජාත්‍යන්තර පොත්

ප්‍රදර්ශනයේදී සිදු කිරීමට නියමිත ය.

කොග්ගල ප්‍රාඥයා ලෙසින් විරුදාවලිය ලත් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ  ශ්‍රී නාමයට පිදෙන මේ සුවිශේෂී ග්‍රන්ථය මේ මස 29වන ඉරිදා සවස 3 සිට 4 තෙක් පැවැත්වෙන කෙටි උත්සවයක දී කලඑළි දකී.

ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ ලේඛක, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා සහභාගි විමට නියමිත ය.

කෘත්‍රිම බුද්ධියේ ඉදිරි ගමන සහ හෝමෝ සේපියන්ස් මානවයාගේ ඉරණම පිළිබඳ කදිම විවරණයක යෙදෙන මෙම ග්‍රන්ථය බුදුදහමට ඉන් ඇතිවෙන බලපෑම පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරේ.

විශේෂයෙන්ම නිර්වාණය පිළිබඳව බටහිර පර්යේෂකයින් මතුකරන විවිධ මතවලට ඔහු මෙතුළින් පිළිතුරු ලබා දී ඇත.

අනාගත යාන්ත්‍රික මානවයා සහ නිර්වාණය අතර කවර ආකාරයක සබැඳියාවක් තිබේදැයි කතුවරයා මෙම කෘතිය තුළ මෙම කෘතිය තුළ පටිච්චසමුප්පාද ධර්මය ඇසුරෙනි. ඒ, එම කරුණු සංවාදයට ද බඳුන් කරමිනි.

‘‘කෘත්‍රිම බුද්ධියෙන් නිවන් දැකීම’’ සරසවි ප්‍රකාශනයකි.

 xfdg464


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්