leader s

බොහෝ කාව්‍ය රචකයින් මෙන් ම රචකාවන් ද ඔවුන් විසින් ජනගත කරනු ලබන කාව්‍ය කෘති තුළ අන්තර්ගත කරන කාව්‍ය නිර්මාණ සඳහා විවිධාකාරයේ අනුභූති පදනම් කරගනිති.

එම අනුභූති: ප්‍රේමය, විරහව, මවු පිය සෙනෙහස, දේශපාලනය, සමාජ ආර්ථික ගැටලු යනාදියෙන් සමන්විත ය.

බහුතර කවි කිවිඳියන්ගේ බහුතර කාව්‍ය සංග්‍රහ තුළ ඒ ආකාරයේ විවිධ මාතෘකාවලට අදාළ කාව්‍ය නිර්මාණ ඇතුළත් වුව ද ඉඳ හිට හෝ කවියකු හෝ කිවිඳියක තනි මාතෘකාවක් පමණක් පාදක කරගනිමින් සිය කාව්‍ය සංග්‍රහය පරිපූර්ණ කරයි.

පාඨක ප්‍රජාව වෙත මෑතක එබඳු කෘති ද්විත්වයක් ම ඉදිරිපත් කළ කිවිඳියක ලෙස අනුරාධා නිල්මිණි කිවිඳිය හැඳින්විය හැකි ය. ඒ, ඇගේ ‘‘නාරි සූත්‍ර’’ සහ ‘‘වැලිකඩ අස්න’’ නමැති කාව්‍ය සංග්‍රහ ද්විත්වය යි.

අද The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සම්මුඛ වන්නේ ද එබඳු කාව්‍ය සංග්‍රහයක් රචනා කර ඇති කාව්‍යක්කරුවෙකි; ඔහු නමින් ට්‍රෝයි මහමොහොට්ටාල ය; කෘතිය නම් කර තිබෙන්නේ ‘‘ඇපෝරියාව’’ යන මැයෙනි.

මතු පළ වන්නේ ‘‘ඇපෝරියාව’’ කෘතිය පිළිබඳව එහි රචක ට්‍රෝයි මහමොහොට්ටාල කවියා සමග කළ සාකච්ඡාව ය.

(සටහන - ජයසිරි අලවත්ත)



 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්