රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන, විදුදය සම්මාන, ගොඩගේ සම්මාන ලාභී සහ ඩී. ආර්. විජේවර්ධන සම්මාන සඳහා නිර්දේශත ග්‍රන්ථ ගණනාවක ප්‍රතිභාපූර්ණ නිර්මාණකාරිය වූ සුනේත්‍රා රාජකරුණායක ගේ ‘ප්‍රේම පුරාණය’ නමැති ප්‍රබන්ධය (නව කතාව) ‘Le bonheur du néant’ යන මැයෙන් ප්‍රංශ බසට පරිවර්තනය කර එළිදක්වා ඇත.
ප්‍රංශ බසින් ලියැවුණු ග්‍රන්ථ පරිශීලනය කරන ශ්‍රී ලාංකික ඔබගේ රසාස්වාදය කුළු ගන්වාලන මෙම කෘතියේ පරිවර්තකයා වන්නේ ජනක සමරකෝන් ය.
90 දශකයේදී මගේ මාධ්‍ය ජීවිතයේ ගුරුවරියක වූ ද, තවමත් ළෙන්ගතු සහෝදරියක මෙන්ම කල්‍යාණ මිතුරියක වන්නා වූ ද සුණේත්‍රා රාජකරුණානායක කතුවරියගේ බොහෝ කෘතිවල රස මම ද විඳ ඇත්තෙමි. ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ පරපුරට ලාංකීය සාහිත්‍යයේ රසය ප්‍රංශ බසින් විඳ ගැනුමට මෙය අනඟි අවස්ථාවක් වනු නො අනුමානය.
සුණේත්‍රා රාජකරුණානායක කතුවරිය විසින් රචිත කෘති අතර, පැජරොයියා, බෝනික්කො ගෙදර, සද්ගුණාකාරය, බත් තරංග, සඳුන්ගිර ගිනි ගනියි, අදිසි පවුර, රිදී තිරංගනාව, හර්ද සූත්‍රය, පොදු පුරුෂයා, කැන්ඩි මහල් ඇතුළු තවත් බොහෝ කෘති ගණනාවක් ඇත.
(ජයලත්ගේ සුනිල් ගාමිණි)
(Jayalathge Sunil Gamini ගේ ෆේස්බුක් පිටුවෙන්)






