කරුණරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ පසුගිය යුගයේ බිහිවූ අති දක්ෂයින් දෙදෙනෙකි.
කරුණත්න දිවුල්ගනේ කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ ලෙහෙසියෙන් හසු නොවන සංධිස්ථාන සොයා ගිය විශිෂ්ට සංගීතවේදියෙකි. එසේම දීපිකා ප්‍රියදර්ශනී ද දෙස් විදෙස් සම්මානයන්ට පවා පාත්‍ර වුණු ගායිකාවකි.

මෙවැනි අති දක්ෂයින් දෙදෙනෙකු වසර 25ට පසු එකම වේදිකාවක ගී ගායනා කළ ගී මියැසිය 'නෙතට උළෙලක්' ප්‍රසංගය අති උත්කර්ෂවත් ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙදී පැවැත් විනි.
මෙම ප්‍රසංගයේ ටිකට්පත් ප්‍රසංගය පැවැත්වීමට සතියට පෙර අවසන් වීම ද විශේෂත්වයකි.

දීපිකා දිවුල්ගනේ ගී සුසංයෝජනය ප්‍රේක්ෂක සිත් වසග කරමින් සැබවින්ම හිතට මිහිරක් එක් කර ජීවිතට රසවත් මතයක් ගෙන දුන් ප්‍රසංගයකි. Awakasha Entertainment ආයතනය මෙම ප්‍රසංගය සංවිධානය කළ අතර එය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ඔවුන්ගේ සංවිධාන දායකත්වය කැපී පෙනුනි.
මෙල්බර්න්, පර්ත් සහ බ්‍රිස්බ්‍රෙන් යන නගර තුනෙහි පැවැත් වුණු නෙතට උළෙලක් ප්‍රසංග මාලාවට විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමි වූ අතර සුභාවිත සංගීතයේ මියුරු හඬ දිවුල්ගනේ සහ දීපිකා එලෙස වේදිකාවෙන් බැස ගියේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂකයන්ගේ නෙතට කිසිදා අමතක නොවන උළෙලක් තිළිණ කරමිනි.








