දෙරණ සිනමා උළෙලේදී විශිෂ්ටතම සිනමා කෘතිය ඇතුළු සම්මාන 07කින් පසුගියදා පිදුම් ලැබූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ මනල්/ மணல்/ Munnel චිත්‍රපටයේ සීමිත දර්ශන වාර කිහිපයක් පුළුල් තිරයේ නැරඹීමේ අවස්ථාව යළි ප්‍රේක්ෂකයින්ට උදා වී තිබේ.
ඉහළ ප්‍රේක්ෂක ඉල්ලීම මත කොළඹ One Galle Faceහි PVR සිනමාහලේදී චිත්‍රපටය නුදුරේම තිරගත වීමට නියමිත අතර ඒ අනුව දෙසැම්බර් 06,07,08 තෙදින තුළ සිනමා ප්‍රදර්ශනය සිදු කෙරේ.
මනල් චිත්‍රපටයට පාදක වන්නේ යුද්ධය අවසානයේ සිරභාරයෙන් නිදහස් වෙන දෙමල අරගලකරුවෙකු තම අතුරුදහන් වූ පෙම්වතිය සොයා යන කථාවකි.

පැයකුත් විනාඩි 42ක් පුරා දිවෙන සිනමාපටයේ ප්‍රධාන භාෂාව දමිල වන අතර සිනමාපටය සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් උපසිරැසි ගන්වා ඇත.
මනල් චිත්‍රපටය 2023 වසර තුලදී ජාත්‍යන්තර සිනමා උළෙලවල් 10 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජත්‍යන්තර සම්මාන 4 ක් දිනාගත් අතර, එහිදී ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ Tiger Jury සම්මානය සුවිශේෂ වන්නේය.
Tiger Jury සම්මානය දිනූ අවස්ථාව









