leader s

දශක 05කට ආසන්න කාලයක් වේදිකාව සිනමාව සහ රූපවාහිනී නාට්‍ය කලාව වෙනුවෙන් සිය කාලය ශ්‍රමය සහ ජීවිතය කැප කළ

ආනන්ද වික්‍රමගේ කලාකරුවාගේ ජීවිතයේ කලාව වෙනුවෙන් කරන ලද මෙහෙවර උදෙසා කොළඹ 07 සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශී ආයතනය මෙම මස 11වනදා "ආනන්දයි ආනන්ද" නමින් ආනන්ද වික්‍රමගේ ඇගයුම් උළෙලක් සංවිධානය කර තිබේ. 

එහිදී ඔහු රගපෑ චිත්‍රපට තුනක් නොමිලේ ප්‍රදර්ශණය කිරීමට සැළසුම් කර තිබේ.

ඒ අනුව, 

* මිල්ටන් ජයවර්ධනගේ 'සමාවෙන්න' -  11 දින පෙව 10.30
* මිල්ටන් ජයවර්ධනගේ  'ආයාචනා'    -  11දින   පව   2.30
* විජය ධර්මශ්‍රී ගේ      'චූඩාමාණික්‍ය'  - 11දින   පව   7.00 ට 


සුදර්ශී සිනමාශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.

11 දින සවස 5.00ට ඔහු වෙනුවෙන් වූ ඇගයුම් උළෙල පැවැත්වේ.

468961633 9651738454841685 2120730315455618127 n

Mirrorarts Youtube නාලිකාව එම විශේෂිත අවස්ථාව මූලික කරගනිමින් ආනන්ද වික්‍රමගේ ගේ දශක පහක කලා ජීවිතය පිළිබඳව ඔහු සමග විශේෂ කතාබහක් සිදුකර ඇත. 

Mirrorarts -
වසර 48ක පමණ වූ දීර්ඝ කාලයක් කලාව වෙනුවෙන් ගත කළ ඔබ ආපසු හැරිලා බලනවිට කුමන ආකාරයේ තෘප්තියක් තියෙන්නේ?

 
ආනන්ද වික්‍රමගේ- 
ඇත්තටම විශාල තෘප්තියක් තියනවා. ඒකට හේතුව තමයි මම කැමති දේ තමයි මම තෝරගත්තෙ. හුගක් දුරට සමහර අයට සිද්ධවෙනවනේ එක එක අයට යම් යම් වෘත්තිය මට්ටම් වලට දායක වෙන්න. මම කලාව කෙරෙහි තිබුන ආශාව පොඩිකාලෙ ඉඳන් තිබුනා. දහම්පාසල් නාට්‍ය වල පොඩි පොඩි වැඩ කළා. මගේ පාසල ඉසිපතන මහා විද්‍යාලය. ඊට නුදුරේම තිබුනේ ලුම්බිනී රගහල. ඒ වගේම මගේ පාසලේ ගුරුවරයෙක් හිටියා උපාලි අත්තනායක. ඔහු ඉතා ප්‍රසිද්ධ නලුවෙක්. ඔහුට ඉවෙන් වගේ දැණුනා කලාවට කැමති ළමයි කව්ද කියලා. අපේ පන්තියේ හුගක් අය කැමති රගර් ක්‍රිඩාවට. සර් අපිට නාට්‍යවලට පාස් දෙනවා. මම තමා මුලින්ම ගන්නේ. සර් වේදිකා නාට්‍යක් කළා. හෙටත් අපි හමුවෙමු කියලා. ඉතින් ඒකේ පොඩි පොඩි වැඩ කළා. ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිවාව වගේ මම බොහොම ආශාවෙන් ඒ නාට්‍යට සම්බන්ධවුනා. සෙට් හදන වැඩ සහ වේදිකාවේ යම් යම් වැඩවලට. සර් ගේ ඒ වේදිකා නාට්‍යයේ වැඩ කරද්දි මට කලාව ගැන දැඩි ආශාවක් ඇතිවුනා.

Mirrorarts -
කලාවට සම්බන්ධවෙන්න ගෙදරින් බලපෑ හේතු තිබුනද?නැතිනම් නිසගයෙන් ආ දෙයක්ද ?

ආනන්ද වික්‍රමගේ- 
ගෙදරින් බලපෑමක් තිබුනෙ නැහැ. හැබැයි ගෙදරින් අකමැත්තක් තිබුනෙත් නැහැ. අපේ පවුලේ සහෝදරයින්ගෙන් මම තමා බාලයා. මට පොඩ්ඩක් නිදහසක් තිබුනා බාලයා නිසා. අනිත් අය රජයේ සේවයේ වැඩ කරන අය. මට රස්සාවක් කරන්න මුදල් උපයන්න ගෙදරට සලකන්න වගේ ප්‍රශ්න මගේ ඔලුවට වැටුනෙ නැහැ. අපේ අම්මත් හරීම කැමතියි කලාවට. අපේ අම්මා කොල්ලුපිටිය අපේ වටේ පිටාවේ හිටපු සේරමලා අඩගහගෙන යනවා නාට්‍ය බලන්න. ඉතින් මගේ ගමනට ඒ කාරනාත් උදව්වක් වුනා.

ආනන්ද වික්‍රමගේ කලාකරුවා සමග කරන ලද සාකච්ජාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.


 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්