leader s

අද දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට පැමිණියා.

fhderye
අද දින පැවැත්වෙන මංගල දර්ශනය සඳහා සහභාගී වීමෙන් පසුව ඉදිරි දින කිහිපයේ සිනමා නිර්මාණයේ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතයි.

උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය බඳු වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය සම්මානිත මහාචාර්යය සුනිල් ආරියරත්න ගේ අධ්‍යක්ෂණයක්වන අතර තිලංග සුමතිපාල ගේ නිෂ්පාදනයක්.

භාරතීය නළු නිළියන්ට අමතරව දිල්හානි ඒකනායක, සම්පත් ජයවීර, ධනංජය සිරිවර්ධන, සම්පත් දයාරුවන්, ගෙවින් අවිශ්ක, නෙතූ ගම්ලත් ඇතුලු නළු නිළියන් විශාල ප්‍රමානයක් මෙම සිනමා නිර්මානය සඳහා තම රංගන දායකත්වය සපයනවා.

ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය අද (10) දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ විය.

 sdtw35423

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්