‘‘භීෂණාත්මක බව, සංත්‍රාසය, ගූඩත්වය, සුන්දරත්වය ඈ මනෝ භාවයක්, චරිතයක යම් මතිභ්‍රමයක් නැති නම් නිර්මාතෘ තුළ ආධිපත්‍යය දරන යම් මනෝ භාවයක් ඈ තුළින් පැන නගින ආචරණමය ඒකීයත්වයක් මෙම ප්‍රවණතාව තුළ දක්නට ලැබේ.
ඉන් කෘතියේ අන් සියල්ල තීන්දු කෙරේ. පෙර තහවුරු නොකරන ලද ආකස්මික තත්ත්ව, සිදුවීම් ඈ සියල්ල එවන් ප්‍රාථමික ආචරණයක් මගින් ඒකීයත්වයක් තුළ ගොනු කෙරේ. භාවමය සංඝටනාවන්ගේ හෝ ධාරණාවන්ගේ සමස්තය පාඨකයා කෙරේ යොමු කිරීමක් මෙහි හඳුනාගත හැකි ය. අධිකරණ වෛද්‍ය වාර්තා ඈ මෙම කෘතින්හි බොහෝ විට උපයෝගි වේ.’’
නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට: කේ. කේ. සමන් කුමාර: පිටුව 58: විදර්ශන ප්‍රකාශන
කේ. කේ. සමන් කුමාර විසින් රචිත ‘‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’’ කෘතියෙන් මෙම කොටස උපුටා ගත්තේ ඔහු පිළිබඳ හෝ ඔහුගේ මෙම කෘතිය පිළිබඳ කිසිවක් පැවසීමට නොවේ.
එසේ නම් මෙම කොටස උපුටා ගත්තේ ඇයි ද යන්න ඔබට සිතෙනු නොඅනුමාන ය. ඔවු... එය එසේ වීම සාධාරණය.
අදාළ කෘතියෙන් මෙම කොටස උපුටාගන්නට බලපෑ හේතුව වූයේ: The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එකතු වන ලේඛිකා ශජානි රණසිංහ විසින් රචිත ප්‍රබන්ධ කෘතිය යි. මන් ද කේ. කේ. සමන් කුමාර සඳහන් කරන සියලු ලක්ෂණ ශජානි රණසිංහ විසින් රචිත ප්‍රබන්ධ කෘතිය වන ‘‘මා නොවන මා’’ හි අන්තර්ගතව තිබෙන බැවිනි.
මතු පළවන විඩියෝව නරඹා ඉක්බිති එම කෘතිය ද කියවන්නේ නම් ඔබට එය පසක් වනු නොඅනුමාන ය.
(සටහන - ජයසිරි අලවත්ත)






