leader s

ශ්‍රී ලාංකීය සිනමා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති 'ෆාදර්' (Father) සිනමා පටයේ මංගල දර්ශනය දිවයිනේ ජනප්‍රිය සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවන් සහ ජනප්‍රිය නළු නිළියන් පිරිවරාගෙන රතු පලස මතින් ඇරඹෙන මෙම සුවිශේෂී සිනමා රාත්‍රිය, ප්‍රේක්ෂකයන්ට තම ප්‍රියතම තරු සමඟින් එක්ව චිත්‍රපටය නැරඹීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි.
 
මෙම අභිමානවත් මංගල දර්ශනය නැරඹීම සඳහාම වෙන්වූ සීමිත Golden ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය දැන් නිකුත් කර ඇති අතර, එමඟින් ඔබට සිනමා තරු සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීමටත් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමටත් අවස්ථාව සැලසේ. ප්‍රවේශ පත්‍ර සීමිත බැවින්, මෙම සුවිශේෂී සිනමා මංගල්‍යයේ කොටස්කරුවකු වීමට ඔබත් අදම ඔබගේ Golden ටිකට් පත වෙන්කරවා ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.
WhatsApp Image 2026 01 01 at 2.49.20 PM
ඔබගේ Golden ටිකට් පත mytickets.lk  වෙතින් මිලදී ගත හැකිය.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්