leader s

ලංකාවට "වැලන්ටයින්" මාකට් වැලියුව් (Market Value) එකක් ලෙස ගොඩ නගන්නේ උපුල් ශාන්ත සන්නස්ගල.


ඒ වෙනුවෙන්ම උපුල් ගීත 32 රචනා කරලා සංගීත සන්ද්‍යාවක් සහ යෞවුන් නවකතාවක් 1999 දී මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනවා. "ආදරණීය වස්සානය" නමින්.  ඊට පස්සේ ආයෙත් ඔහු විශාල තරුණ පිරිසක් ඒකරාශි වන ලෙස 2000 දී කොළඹ 07 විහාරමහදේවී උද්‍යාන මුළු පරිශ්‍රයම ආක්‍රමණය කරමින් දැවැන්ත ඉවෙන්ට් එකක් ලෙස “රත්තරං වැස්ස” වැලන්ටයින් සමරුව පවත්වනවා.

මේ හැම එකේදිම උපුල් සාර්ථක වනවා සේම ඊනියා සුචරිතවාදීන් උපුල්ට නෙළනවා පත්තර පිටු ගනන් සහ ඉලෙක්ට්‍රෝනික මීඩියා පැය ගනන් විනාශ කරමින්. නමුත් උපුල්ගේ වැඩේ සාර්ථක නෙමෙයි අති සාර්ථක බව පසක් වෙන්නේ ඊළඟ අවුරුදු වල කෙමෙන් කෙමෙන් ඒක එක විදියේ "වැලන්ටයින් සැමරුම් කස්ටමයිස් (Customize)" කරමින් කට්ටිය තැන් තැන් වල කරන්න ගන්නවා. පන්සල් සහ ඊනියා සුචරිතවාදීන් පෙබරවාරි 14 භාවනා වැඩසටහන් මල් පූජා වගේ කස්ටමයිස් (Customize) කරගෙන වැලන්ටයින් සැමරීම තමයි උපුල්ගේ ජය.

love romantic

"සිහිනය කියන්නේ සැලසුමක්
ප්‍රේමය කියන්නේ ප්‍රාතිහාර්යයක්
කළුවරේ වුනත් හුස්ම ගන්න කියන්නේ ඒකයි
කාලයට ඉඩ දෙන්න
සිපගන්නවා නම් මේ හොඳම වෙලාවයි....!
ආදරය අනුමෝදනා කරන්නම්
වේලාසනින් එන්න."

633839493 10164654536391979 5699024488923844806 n

 

මෙවර උපුල් ආයේ ඉතිහාසගත වන වැඩකට අත ගහලා. මේ වැඩේ නම සහ පේඔෆ් (payoff) එකේ ඉඳලම ඔහු අයිකන් (icon) එකක් බව තහවුරු කරනවා. ඒ තමයි ඔහු මෙයට නම වශයෙන් ගන්නේ "නිර්වාන" එහි වෙළඳ වටිනාකම හෙවත් පේඔෆ් payoff එක ලෙස ඔහු යොදන්නේ "ආදරය අනුමෝදනා කරන්නම්" කියන එක. ඊළඟට ඔහු මේ වැඩේ ප්‍රචාරණය සඳහා යොදාගන්නා වර්ණාවලිය සම්පූර්ණයෙන්ම හිතුවක්කාරී ලෙස මෙන්ම තාර්කීකව සමකාලීන (Contemporary) අර්ථ අගයක් එක් කරනවා. ඒ වැලන්ටයින් ලෙස ලොව පුරා බ්‍රෑන්ඩ්ව ඇති රතු සහ රත්තරන් පැහැය වෙනුවට ඔහු නිල් පාට සහ කළුපාට විචල්‍යයන් (Variation) එකක් භාවිතා කරනවා. මේ වර්ණ භාවිතය ඇත්තටම විප්ලවීය වැඩක්. ඒක හරියට නත්තලේ වර්ණය කොලපාට වූවත් කොකාකෝලා විසින් ඔවුන්ගේ රතු වර්ණය භාවිතා කරමින් ලොව පුරාම නත්තලේ වර්ණය රතු පාට කලා වගේ ගේමක්.

මේ වැලන්ටයින් වර්ණ මාරුව හෙවත් කස්ටමයිස් (Customize) කිරීමට උපුල් භය නැතිව අත ගහනවා. මින් පස්සේ අර අනෙකුත් සැමරුම් වලදිත් ඔවුන් ඒක කර ගනිවි ඒත් උපුල්ගෙන් පස්සේ. උපුල් මේ වර්ණ ගන්න සමකාලීන හේතුව ලෙස දක්වන්නේ පසුගිය කාලයේ සිදුවූ ස්වාභාවික ආපදාවෙන් වැළලුනු, අවතැන්වූත් බිඳීගිය ආදරයේ කාන්සියේ හුදකලා නිහැඬියාවේ ස්වාභාවික අහස, කඳු සහිත නිල සහ කාලවර්ණයි. මේ නිසා තමයි මේ ලංකාවේ වැලන්ටයින් කතිකාවේදී උපුල් කියන්නේ නොදැක්කා වගේ අහක බලාගෙන පසුකරන්න බැරි සාධකය වෙන්නේ. අනික තමයි මෙවර ඔහු 5000 කට අධික විශාලම ජන සහාභාගීත්වයක් සහිතව මේ වැඩේ කරන්න යොමු වීම. පුද්ගලයෙක් විසින් ජාතික උත්සවයක් කරන වැඩක් වීම. ඔහුම මෙය සමහර කතිකාවල දක්වා ඇත.

break up

දෑස මත ඔබේ ඇස්  ගැටෙන විට
හදවත කිසි විට ප්‍රශ්න අහන්නේ නෑ....
"ඇයි" "කොහොමද"
කියන වචන වලට ඉඩක් නෑ.....
ප්‍රේමය කියන්නේ
ගිනිදැල් වලට නෙවෙයි,
ඉරක උණුහුම වගේ
සීතළට වැළඳගන්න එකට.....

අපි ඔහුගේ මේ වැලන්ටයින් සැමරුමේ ආකෘතිය දෙස බැලූ විට මෙය තනිකරම උපුල් ශාන්ත සන්නස්ගල කියන ලේඛකයා සහ සංවිධායකයාගේ වැඩක් ලෙස අධිකාරිමය ලක්ෂණයක් දැකිය හැකිය. එහෙම වෙන්නේ ඔහු තුළ ඇති සෑම කේෂත්‍රයක් ගැන ඇති අසීමිත දැනුමයි. ඔහු ඔහුගේ ඒ දැනුම ඉතාම නිර්මාණශීලීව මේ වෙළඳපොල යථාර්ථයට එක් කරනවා. මෙය ඇත්තටම අනෙකාට ඉරිසියාකාරී තරහකාරී හැගීමක් ඉතිහාසයේ පුරාම උපුල් වෙත යොමුවන්නට හේතු වූ බවයි මට දැනෙන්නේ. මේ නිසා තමයි ආදරයෙන් උපුල් තුවාල කරගන්නේ.

632231528 10164654536376979 1418012390606905253 n

අල්ලා ගැනීම් නැති
අයිතිවාසිකම් නැති
සීමා මායිම්
වැට කොටු කඩලු නැති,
"මගේ" කියන වචනයත්
අවශ්‍ය නොවන තැනක
අපි ප්‍රේම කලා....

629739232 10164654536601979 3047631642707403808 n

 

අනුන්ට ආදරය කරන්න ගිහින් කස පාර කාපු, ජීවිතය කීති කීතු වලට ඉරා දාපු ආදරයෙන් තුවාල කර ගන්නේ ආත්මය නැතිකරගන්නේ උපුල් වගේ චරිත සේම අතීතයේ ආදි ශාස්තෘවරුන් ද සිටී. ජේසු තුමන් කුරුසයට පත් වන්නේ ආදරය නිසායි (මෙය උපුල් ඔහුගේ සාකච්ඡා වලදි දක්වනවා). සිද්ධාර්ථ ගෞථම බුද්ධ තත්ත්වයට පත්වීමට දුෂ්කර ක්‍රියා කරනවා. මේ ආදරයේ තුවාල ඔබ අපිට දැනෙන්නෙවත් නැති එකේ කම්පණයෙන් අවදිවන මනසක් උපුල් සතුව ඇති බව මට හැඟෙනවා. ඔහු සෙක්ස් සහ ආදරය පිළිබඳ පුළුල් කථිකාවක් මතු කරනවා. අපි ආදරය තුල විතැන් කරන/ මරා දමන අනෙකා පිළිබඳව මහා සාහසික ලෙස හෙළි කරනවා. ලස්සනට ගායනා කරන, ලස්සනට නටන, ලස්සනට චිත්‍ර අඳින, ලස්සනට රඟපාන, ලස්සනට ලේඛණයේ යෙදෙන අනෙකාව ආදරය හෝ විවාහය තුලින් නිෂේදනය කිරීමේ ඒ සාහසිකත්වය උපුල් ඍජුවම කතිකාවට ගේනවා. ආදරයේ නාමයෙන් මේ කරන තක්කඩි වැඩේ ඔහු හෙළි කරනවා.

උපුල් සමාජයෙන් අහනවා "පාසලේදි ලස්සනට සිංදු කිව්ව, නටපු, චිත්‍ර ඇන්ද, රඟපාපු කෙල්ලෝ අද කොහේ හරි කුස්සියක බත් තම්බනවා ඇති. කොල්ලොත් ඊට හපන්". අනෙකො කැමති දේ හැංඟීම හෙවත් ඉරේස් කිරීම ලෙස උපුල් දක්වනවා. ආපසු හැරිලා පශ්චාතාපවන ජීවිතවල ඇත්ත මේ "නිර්වාන" කථිකා මේසයට ගේනවා. මේ ආදරය යැයි කරනු ලබන නිෂදනයෙන් හැමෝටම අභිනිෂ්ක්‍රමණය කරන්න බෑ. බහුතරයක් අය මේ අභිනිෂ්ක්‍රමනය ගැන හිතත්දි හෝ දැනෙද්දි ඔවුන් කල්ඉකුත්වී හමාරයි.

629739232 10164654536501979 877953040140052700 nමා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්
නොඉඳුල් තොල්පෙති අතරින්
උදුරා ගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්
එක්ටැම්ගෙයි සිරගත කර
සමනළියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව
(මහාචාර්ය සුනිල් ආරියරත්ත රචනයක්- ගායනය ආචාර්ය නන්දා මාලනී)

"අපේ ආතල් එක දිනන එක නෙමෙයි දුවන එක" (ලක්මාල් ධර්මරත්න). දූපත් ප්‍රේමයකට එහාගිය මහද්වීපික ප්‍රේමයකට තුරුළු වෙන්න, ආදරයෙන් ඔද්දල්වූ මෙන්ම සමාජ කසපහරින් සහ කුරුසයට තබා ගසන ලද ඇණ වලින් වූ තුවාලයන් සහ කැළල් සමරන්න බය වෙන්න එපා. තුවාල හෝ කැලල් වලට භය වුනානම් උට්ඨානයක් නෑ. නිර්වානය කියන්නේම උට්ඨානයක්. මහා ප්‍රේමණීය සමුදීමක් සහ හමුවීමක්. හැඟීම් වලට නම් හෝ අර්ථ දෙන්න භාෂාව පොඩි වැඩී මිත්‍රවරුණි. ඒක අල්ලගන්න භාෂාවෙන් "නිර්වාන" ග්‍රන්ථයත්, නාද රටාවෙන් "නිර්වාන ගී" සමුච්ඡයත් අරගෙන පෙබරවාරි 14 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඒකාත්මික වෙමු.

 

631501706 10240464324215049 4676825148731760499 n

indrajith
(සටහන | ඉන්ද්‍රජිත් වෑවලගේ)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම - Indrajith Wewalage ගේ ෆේස්බුක් පිටුවෙන්

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්