මේ මස 24 වන දින සිට සිනමා ශාලාවලට පැමිනීමට නියමිත චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්‍රපටයට සමාන්තරව පැවැත්වෙන ‘අභිසාරි’ ඡායාරූප ප්‍රදර්ශනයක් මේ ජූලි 14 වැනි දින උදේ 10 සිට ආරම්භ වීමට නියමිතය.
කොළඹ ග්‍රීන් පාත්හි, මහජන පුස්තකාලය ඉදිරිපස වීදියේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයකි.
දෙස් විදෙස් සම්මානලාභී දේවා ජයවර්ධන විසින් ‘අභිසාරි’ තේමාව යටතේ කළ නිර්මාණාත්මක ඡායාරූප එකතුවක් මෙහිදී ප්‍රදර්ශනය වෙයි. ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවිතය, ඔවුන්ගේ ඓතිහාසික ලැගුම්පොලවල් මෙම ඡායාරූප පිණිස යොදාගෙන ඇත.
අභිසාරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන පබෝධ සංදීපනීම මෙම ඡායාරූප එකතුවේද ඔබට දැකගත හැකිය. අභිසාරිකාවගේ විවිධ ස්වරූපයන් කැමරා කාචයෙන් ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන.
මෙම වීදි ඡායාරූප ප්‍රදර්ශනය ඉදිරි දින කීපයේම කොළඹ නගරයේ තැනින් තැන පැවැත්වීමට නියමිතය. කොටුව දුම්රිය පොල, ගාලුමුවදොර පිටිය මේ ස්ථාන අතර වෙයි.
සමාජයේ අපහාසයට, අපවාදයට ලක්වෙන කාන්තාවන් පිරිසක් පිළිබඳ මෙම නිර්මාණ කතිකාව පිටුපස සිටින්නේ stand up movement lanka සමාජ ක්‍රියාකාරී සාමූහිකයයි.








