leader s

සශ්‍රීක සහ අර්ථවත් ජීවිතයක් ගොඩනඟා ගැනීම පිළිබඳ ගැඹුරු ජපන් ජීවන දර්ශනයක් ඉදිරිපත් කරන ආචාර්ය බ්‍රිට් යමමොටෝ (Dr. Britt Yamamoto) විසින් රචිත The Hyakusho Way කෘතියේ සිංහල පරිවර්තනය වන "හියක්ෂෝ මඟ – පිරිපුන් ජීවිතයක් උදෙසා ජපන් ප්‍රාඥාව" කෘතියේ එළිදැක්වීමේ උත්සවය එළඹෙන ජූලි 23 වැනිදා පස්වරු 3.45 සිට සවස 6.00 දක්වා කොළඹ කමත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.


රන්දුලා ද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටී.

WhatsApp Image 2026 07 20 at 15.09.42
උත්සවයේ දේශන පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි සහ විමුක්ති ජයසුන්දර විසින් පැවැත්වීමට නියමිත අතර, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ඇතුළු කණ්ඩායම විසින් සංගීත වාදන ඉදිරිපත් කෙරේ. වැඩසටහන බිම්සරා ප්‍රේමරත්න විසින් මෙහෙයවනු ලබයි.

මේ අතර, "හියක්ෂෝ මඟ" කෘතිය මේ වන විට රුපියල් 1,620 ක විශේෂ වට්ටම් සහිත මිලකට මිලදී ගැනීමේ අවස්ථාව ද පාරිභෝගිකයන්ට ලබාදී ඇත.

කෘතිය නිවසටම ගෙන්වා ගැනීමට slbooks.lk වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට  - https://slbooks.lk/.../hyakusho-maga-piripun-jeewithayak... පිවිසෙන්න. එසේත් නැතිනම් නම, ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය සඳහන් කර 077 734 2809 දුරකථන අංකයට WhatsApp, SMS හෝ Inbox පණිවිඩයක් යොමු කිරීමෙන් ද ඇණවුම් කළ හැකිය.

WhatsApp Image 2026 07 20 at 15.09.52

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්