leader s

ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ සිය සුවිශේෂී හඬ පෞරුෂය හරහා නොමැකෙන සලකුණක් තැබූ ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශගේ නවතම ගීතය වන "මාගේ කතාව" එළඹෙන ජූලි 25 වැනිදා එනම් හෙට දිනයේ ප්‍රේක්ෂක ඔබ වෙත තිළිණ කිරීමට නියමිතය.

"This is 'Her' story" යන ආකර්ෂණීය තේමාව යටතේ එළිදැක්වෙන මෙම ගීතය, හුදෙක් ගීතයක් පමණක්ම නොව, ගැහැනියකගේ සැබෑ කතාවක්, ඇගේ හැඟීම් සහ අත්දැකීම් සංගීතයට මුසු කළ අපූර්ව නිර්මාණයක් වනු ඇතැයි සංගීත ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.

සෑම විටම තම ගීත හරහා ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන උමාරියා, මෙවරද තම රසිකයින්ට වෙනස්ම ආරක සංවේදී මෙන්ම අර්ථවත් නිර්මාණයක් සමීප කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු සහගතව සිටිති. මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම නවතම ගීතය පිළිබඳව රසිකයින් අතර විශාල කතාබහක් සහ උනන්දුවක් නිර්මාණය වී තිබේ.
 
ජූලි 25 වැනිදා සිට YouTube ඇතුළු අනෙකුත් සියලුම ඩිජිටල් සංගීත වේදිකා (Digital Music Platforms) ඔස්සේ උමාරියාගේ මෙම නවතම කලා නිර්මාණය වන "මාගේ කතාව" රසවිඳීමේ අවස්ථාව ඔබට හිමිවනු ඇත.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්