leader s

මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනුව පාස්කු ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බවට කිසිම පාස්කු විමර්ශන වාර්තාවක සඳහන් වී නැතැයි ජාතික ජන බල⁣වේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී

අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට නගන චෝදනා පුස් වෙඩි මිස සත්‍ය වෙඩි නොවේ යැයිද ඔහු කීය.

ඊබ්‍රාහිම්ට විරුද්ධව දිසා අධිකරණයේ 2017 වසරේ පැවරුණු නඩුවක නීතිඥයා ලෙස කටයුතු කළේ ජනාධිපති නීතිඥ අලි සබ්රි වත්මන් විදේශ ඇමතිවරයා බව කී මන්ත්‍රීවරයා, එහෙම කළා කියා අලි සබ්රි මේ ත්‍රස්ත්‍ර ක්‍රියාවට සම්බන්ධ යැයි ලඝු කළ යුතු නැති බව සඳහන් කළේය.

ඊබ්‍රාහිම් වසර එකහමාරක් දෙකක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළ අතර එහිදී හෝ තම දේශපාලන ව්‍යාපාරය අදාල සිදුවීම් වලට සම්බන්ධ යැයි කිසිම හෙළිදරව්වක් වී නැති බවද අනුර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මොහොමඩ් ඊබ්‍රාහීම් පසුගිය මහ මැතිවරණයකදී ජවිපෙ ජාතික ලැයිස්තු සාමාජිකයකු ලෙස නම්කර තිබිණ.


කව්ද මේ මොහොමඩ් ඊබ්‍රාහිම්?



මොහොමඩ් ඊබ්‍රාහීම් ප්‍රසිද්ධ කුළුබඩු වෙළෙන්දෙකි. කුරුඳු හා ගම්මිරිස් අපයනයකරුවෙකි. කොළඹ ව්‍යාපාරික කවයන් අතර ප්‍රසිද්ධ, දේශපාලනික වශයෙන් මනා සම්බන්ධතා ඇති අයෙකු ලෙස ඔහු සැලකෙයි.

ව්‍යාපාරික ප්‍රජාවේ නායකයෙකු වූ ඊබ්‍රාහිම්ට පුතුන් හය දෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටියහ.

මොහොමඩ් ඊබ්‍රාහීම්ව බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබුවේ හජ්ජියාර් ලෙසයි. දානපතියෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් කොළඹ මහාධිකරණය විසින් 2022 මැයි 25 දා ඇපමත මුදාහරිනු ලැබිය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම ආරම්භ කළ මුල් දිනයේ දී ම කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.


 124909036 f62c1390 6691 4171 ae0a 9d868f30663a
මොහොමඩ් ඊබ්‍රාහිම් හා ඔහුගේ පුත් ඉන්සාෆ් ඊබ්‍රහිම් 2016දි


මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුත්‍රයින් වන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන සොහොයුරන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රීලා යන හෝටල් දෙකටයි.



පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනා


ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.

තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයාය.

ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි.

ශාන්ත සෙබස්තියන් බෝම්බකරු මොහොමඩ් හස්තුන් ය.

මඩකලපුවේ පිහිටි ක්‍රිස්තියානි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදී.

කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්ගලකදී බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්