leader s

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැක සංකා පවත්වා ගත යුතු නැති බවත් ඔහු සඳහන් කරයි.

කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මේ බව සඳහන් කළේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තා නැති වූයේ කෙසේද? ඒවායේ පිටු ගැලවුණේ කෙසේද? යන්න සොයා බලන බවද ඔහු සඳහන් කරයි.

ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශන වාර්තා සියල්ල අධ්‍යන කර අදාළ පරීක්ෂණය විමර්ශන කණ්ඩායම් විසින් මෙහෙයවන බවත් කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(lankatruth.com)


 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්