නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.
ඒ අනුව ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
වත්මන් යුද හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ මේ වන විට ඔහුගේ දෙවන සේවා දිගුවේ කටයුතු කරමින් සිටින අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු එම තනතුරට පත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇත.
| adaderana
සබැඳි පුවත් :
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා: 'මම විශ්‍රාම යන්නේ වැඩිම කාලයක් සේවයේ යෙදුණු හමුදා නිලධාරියා විදිහට'
ශවේන්ද්‍ර ඇතුළු ත්‍රීවිධ හමුදාපතිවරුන්ගේ සේවා දිගු අවසන් - යුද හමුදාපති ධුරයට තුන්කොන් සටනක්






