ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර 'අද දෙරණ'ට පැවසුවේය.  

387734407 10228047799714810 1549503297932958902 n


Image@France24

ඊශ්‍රායිලය පලස්තීනයට එරෙහිව යුධ ප්‍රකාශ කරයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


350ක් පමණ ඊශ්‍රායිල් ජාතිකයින් පිරිසකට මරු කැඳවූ පලස්තීන හමාස් සංවිධානයේ හදිසි ප්‍රහාරයක් පදනම් කරගෙන මේ වනවිට ඊශ්‍රායිල් රජය පලස්තීනයට එරෙහිව යුධ ප්‍රකාශකර තිබෙනවා. 

ඒ සමඟම ඊයේ සහ අද එල්ලවූ ඊශ්‍රායිල් ප්‍රහාර වලින්ද මේ වනවිට 400 පමණ පලස්තීන ජාතිකයින් පිරිසක්ද මරණයට පත්ව තිබෙනවා. 

'ඊශ්‍රායලයට එරෙහි නැඟිටීම' (Intifada - ඉන්ටිෆාඩා) යනුවෙන් නම් කර ඇති මෙම හමාස් ප්‍රහාර නිසා මරණයට පත් පිරිස් සිහිගන්වමින් ඊශ්‍රායිල අගමැති බෙන්ජමින් නැතනියාහු පවසන්නේ අද එම රටට ''කළු දිනයක්'' වන බවයි (A black day for Israel). 

ගාසා තීරයට ලංව ජීවත්වන පලස්තීනු ජාතිකයින්ට නැතනියාහු පවසා සිටින්නේ හැකි ඉක්මනින් එම ස්ථාන වලින් නික්මයන ලෙසයි. ''අපි ඉතාම තදින් ප්‍රතිචාර දක්වන බැවින් ඉක්මනින් ඉවත්වන්න'' යන්න ඔහුගේ පණිවිඩයයි. 

මේ අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායිල සෙබළුන් සියයක් පමණ බලහත්කාරයෙන් සිරභාරයට ගෙන ඇති බවද ඊශ්‍රායලය පවසනවා. 

'කළු අසිපත් මෙහෙයුම' (Operation Black Swords) යනුවෙන් නම්කර ඇති ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර යනු 'යක්ෂයාගේ රුදුරු බවට එරෙහි සටනක්' යනුවෙන් අර්ථ දක්වා තිබෙනවා. 

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වගේම හිටපු ඇමෙරිකානු ජනපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊශ්‍රායලය වෙනුවෙන් සහය පළකර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද මේ සම්බන්දයෙන් මුණගැසීමට නියමිතයි. 

විදෙස් සංචාරකයින් කිහිපදෙනෙක් ද මේ ප්‍රහාර නිසා මරණයට පත්ව තිබෙන අතර තවත් කිහිපදෙනෙක් හමාස් සටන්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. 
පලස්තීන විමුක්ති සටනේ ඉතිහාසයට ද දැන් දශක හයක් පමණ වනවා. 




AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි පුවත් :
ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1100 ඉක්මවයි
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image