leader s

හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ්

අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමි වුණු අසරණ සිවිල් වැසියන්ට කඩිනමින් අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගන්නැයි ද පලස්තීන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය දේශපාලනික විසඳුමක් පමණක් බවත්, ජෙරුසලම අගනුවර වන අයුරින් පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම කළ යුතු බවත් පලස්තීන ජනාධිපති අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යළිත් පැහැදිලි කර තිබේ.


‘ප්‍රතිප්‍රහාර ආරම්භ කළා පමණයි’- ඊශ්‍රායල් අගමැති කියයි

benjamin netanyahu sky news 6181864හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය “දැවැන්ත බලයක්” යොදන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායල් භූමියට එල්ල වූ දරුණුතම ප්‍රහාරයට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතිචාරය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “ප්‍රතිප්‍රහාර පටන් ගත්තා විතරයි” යනුවෙනි.

ඊයේ දිනය තුළ ගාසා තීරයේ හමාස් ඉලක්ක 2400කට ඊශ්‍රායල් හමුදා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ තිබේ.


සබැඳි පුවත් :
ගාසා තීරය සම්පූර්ණයෙන් වටකිරීමට ඊශ්‍රායලය නියෝග කරයි

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්