leader s

ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ

වකුගඩු දෙක, හෘදය වස්තුව, අක්මාව, පෙනහැල්ල සහ ඇස් දෙක ඇතුළු ශරීර අවයව ඒ රටේ සිටින රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ බිරිය මව හා සහෝදරයන් දෙදෙනාගේ කැමැත්ත මත දන් දී ඇත.

මෙසේ සිරුරු කොටස් ලබා ලබාගෙන ඇත්තේ ශමිල ප්‍රනාන්දු නැමැති 35 හැවිරිදි අයෙකුගෙනි.

ශමිල ප්‍රනාන්දු මහතාගේ සිරුරු කොටස් ඒරටේ වෛද්‍ය විශේෂඥවරුන් විසින් ලබාගෙන ඇත්තේ ඔහුගේ පවුලේ අයගේ පූර්ණ කැමැත්ත ඇතිවය.

ප්‍රනාන්දු මහතා මීට වසර විසි තුනකට පමණ ඉහත දී ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් සිටි අයෙකි.

ශමිල ප්‍රනාන්දු මහතාගේ බිරිය මීට මාස 6 කට පමණ ඉහත දී එරටට ගොස් ඇති අතර සහෝදරයන් දෙදෙනෙකු වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටිති.

ඔහුගේ බිරිඳ කලක් ගුවන් හමුදාවේ රාජකාරි කර ඇති සෙබළියකි.

ශමිල ප්‍රනාන්දු ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී සමාජ මෙහෙවරක ද නිරතව සිටි අයකු බව වාර්තාවේ.

සිරුරු කොටස් දන් දුන් ඒ මහතාගේ අවසන් කටයුතු  ඉතාලියේ කතානියා හිදී සිදු හිදී සිදු කිරීමට නියමිතව තිබිණි.

(lankadeepa.lk)

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්