leader s

පාකිස්තානයේ දූෂිතම මහමැතිවරණය ලෙස විශේෂඥයන් අර්ථකථනය කළ එරට මෙවර මහමැතිවරණයේ

ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතියි.

දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අතුරින් මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ, ස්වාධීන ව මැතිවරණයට ඉදිරිපත් වූ දැනට සිරගත ව සිටින එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ අපේක්ෂකයින් වීම විශේෂත්වයකි.

දුරකථන සබඳතා, අන්තර්ජාල සබඳතා පවා විසන්ධි කොට ඊයේ (08) පැවති පාකිස්තාන මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවති‍යි.

මැතිවරණ ආසන 265න් 122ක ප්‍රතිඵල දැනට නිකුත් කර ඇති අතර, ඉන් ආසන 49ක ජය තහවුරු කර ගැනීමට, සිරගත ව සිටින ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට සහාය දක්වන අපේක්ෂකයන් සමත් වී තිබීම විශේෂත්වයකි.

එරට හිටපු අගමැතිවරයෙකු වන නවාස් ශරීෆ් ආසන 39ක් දිනා ඇති අතර, ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ පක්ෂය දිනා ඇත්තේ ආසන 30ක් පමණි.

අන්තර්ජාල දෝෂ නිසා ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ පමාවක් සිදු වන බව පාකිස්තාන මැතිවරණ කොමිසම පැවසුව ද තවත් පාර්ශ්ව පවසන්නේ, සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ ටෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ අපේක්ෂකයින් ස්වාධීන ව ඉදිරිපත් වුව ද ඡන්ද ප්‍රතිඵලවලින් ඔවුන් පෙරමුණේ සිටීම නිසා සිතාමතා ප්‍රතිඵල ප්‍රමාද කරන බවයි.

(adaderana.lk)

 

  


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්