leader s

තමා පිළිකා රෝගයකින් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.


පරීක්ෂණ වලදී පිළිකාවක් ඇති බව සොයා ගැනීමෙන් පසු එය වැළැක්වීමේ චිකිත්සාවකට භාජනය වන බව වේල්ස් කුමරිය පවසයි.

කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කරන ලද වීඩියෝ ප්‍රකාශයක කැතරින් පැවසුවේ මෙය "විශාල කම්පනයක්" ඇති කළ බවයි.

නමුත් ඇය ධනාත්මක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ඇය ශක්තිමත්ව සෑම දිනකම හොඳින් සිටින බවය.

තමා පසුගිය ජනවාරි මාසයේදී උදරයේ සැත්කමකට භාජනය වූ බවත් එහිදී පිළිකා තත්ත්වයක්  ඇති බව නොදැන සිටි බවත් එම විඩියෝ ප්‍රකාශයේ සඳහන් විය.

කෙසේ වෙතත් ශල්‍යකර්මයෙන් පසුව කරන ලද පරීක්‍ෂණවලින් පිළිකාවක් ඇති බව සොයාගෙන ඇති අතර ඇයගේ වෛද්‍යවරු පවසා ඇත්තේ ඒ සඳහා ප්‍රතිකාරවලට යොමුවන ලෙසයි.    

පිළිකා රෝගයට මුහුණ දෙන සෑම කෙනෙකුම කුමන ආකාරයේ වුවද බලාපොරොත්තු නැති කර නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.

අනාගත ඔටුන්න හිමි බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ විලියම් කුමරු හා කේට් මිඩ්ල්ටන් 2011 වසරේ දී විවාහ වූ අතර මේ වන විට දරුවන් තිදෙනෙකුගේ මවකි.


 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්