leader s

ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට වාර්තාවීමත් සමග

එම කලාපය වෙත ලෝක බලවතුන්ගේ අවධානය යොමුවී තිබේ.

ඉරානය ඉතාමත් ආසන්න දිනක ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත.

ඒ සම්බන්ධව අදහස් පළකළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තම රට ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහාය දක්වන බවය.

එමෙන්ම ඉරානයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ එවැනි ප්‍රහාර එල්ල නොකරන ලෙසටය.

කලාපීය උණුසුම තවත් තීව්‍ර කරමින් නිකුත් වූ මේ වාර්තාවට අනුව එම ප්‍රහාර ඊශ්‍රායලය වෙත මෙන්ම කලාපයේ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ලවීමේ අවස්ථාවක් පවතී.

අමෙරිකාව මෙම අනාවරණය කළේ ඉරානය සිය හමුදා සහ අවි, කලාපය පුරා ස්ථානගත කරමින් පවතින බවට හඳුනාගැනීමෙන් පසුවය.

එමෙන්ම කලාපය වෙත අතිරේක බලඇණි යොමුකිරීමටත් අමෙරිකාව දැනටමත් කටයුතු කරමින් සිටී.

ඉරාන ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම මත පදනම්ව ඊශ්‍රායලයේ රැඳී සිටින සිය සේවකයින් තානාපති කාර්යාලයෙන් පිටතට යාම සීමා කිරීමට අමෙරිකානු රජය තීරණය කළේ ඊයේ (12) දිනයේදීය.

මේ මාසය මුලදී සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙක් මිය ගියේය.

එම ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලයට පැවරූ ඉරානය ඊට ප්‍රතිචාර දක්වන බවද අවධාරණය කළේ ඊශ්‍රායලය එහි වගකීම භාරගෙන නොමැති පසුබිමකය.

(adaderana.lk)

 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්