leader s

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැත්තා යැයි පොලිසිය පවසයි.


ජොඑල් කවුචි කළ පහරදීමෙන්, මියගියේ කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියෙකි. තවත් බොහෝ දෙනකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරේ කුඩා බිලිඳකු සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පහර දෙමින් කලහකාරීව හැසිරුණු ජොඑල් කවුචි වෙඩි තබා ඝාතනය කළේ සිඩ්නි නුවර පොලිස් නිලධාරිනියකි. ඇය තනිවම ජොඑල් කවුචි කොටු කරගත් බව පැවැසෙයි.

එම පොලිස් නිලධාරිනිය වීරයකු යැයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත. ඇය ඝාතකයාට වෙඩි නොතැබුවා නම්, තවත් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණු බව සිඩ්නි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජොඑල් කවුචි එසේ ප්‍රහාරයක් එල්ල කනිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් පරීක්ෂණ දිගටම සිදුවෙයි.

(BBC)


 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්