leader s

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. 


ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඩුබායි ගුවන්තොටුපොළට ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී ඇත. ගුවන් තොටුපොළ කටයුතු පැය කීපයකට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය විය.

 

90

ඩුබායි බලා යන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යවා ඇති බවත්, මගීන්ට එම ගුවන්තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස් රථ ලබා දීමටත් ‘Fly Dubai’ ගුවන් සේවයේ බලධාරීන් කටයුතු කර තිබේ.

ඩුබායි ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත මගී යානා බොහොමයක්, අයහපත් කාලගුණය හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් උඩු ගුවනේ පියාසරකරමින් සිට පසුව වෙනත් ගුවන්තොටුපොළවලට ගොඩබෑ බව ද පැවැසෙයි.

(අල් ජසීරා)

(උපුටා ගැනීම - lankadeepa.lk)

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්