leader s

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි.


ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.

මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. 

44 daysමහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි.

හෙට (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

 1x 1මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බව ද පැවැසෙයි.

 

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බව ද පැවැසෙයි.

 

2014 වසරේ සිට ඉන්දියාවට ශක්තිමත් නායකත්වයක් දෙන්නේ නරේන්ද්‍ර මෝදිය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඔවුන්ට හිතවත් දේශපාලන පක්ෂ සමඟ සන්ධාන ගතවී සිටී. මෙම සන්ධානය හැඳින්වෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යනුවෙනි.

 

modi bjp මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිවම ආසන 370 කට වැඩි ගණනක් දිනා ගැනීමට සූදානම් වෙයි.

මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිවම ආසන 370 කට වැඩි ගණනක් දිනා ගැනීමට සූදානම් වෙයි. පොදුවේ, භාරතීය ජනතා පක්ෂය ද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, 400 කට වඩා වැඩි ආසන ගණනක් දිනා ගැනීමට සමත් වනු ඇතැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර තිබේ.

2019 india election2019 මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 303 කි.

 

මෝදි දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ, 2019 වසරේ පැවැති මහ මැතිවරණයේදීය. එම මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 303 කි. එය අතිවිශිෂ්ට ජයග්‍රහණයකි. 1980 වසරේ දී හින්දු ජාතිකවාදී පක්ෂයක් ලෙස භාරතීය ජනතා පක්ෂය දේශපාලන කරළියට අවතීර්ණ වීමෙන් පසු එය මෙතරම් ඡන්ද සංඛ්‍යාවක් දිනූ පළමු අවස්ථාව මෙය විය.

හෙට (19) පැවැත්වෙන මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත කෙරේ. මැතිවරණ නිලධාරීන් මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමිසම පැහැදිලි කර ඇත.

 

 

මහ මැතිවරණයට සියලු කටයුතු සූදානම් වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ පසුගිය දා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවක් ඇති කරමින්, රැකියා උත්පාදනය වැඩි කිරීමට, යටිතල පහසුකම් නැංවීමට සහ සුබසාධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ ප්‍රතිඥා දී තිබේ.

(lankadeepa.lk)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්