වර්ෂාව ඉල්ලා කන්නලව් කරන බංග්ලාදේශ මුස්ලිම් ජනතාව
අධික උෂ්ණත්වය නිසා බංග්ලාදේශයේ ළමුන් මිලියන 33කගේ පාසල් ගමන අඩාල වී තිබේ.
එරට සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42° ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උණුසුම් දිනයක පීඩාව මගහරවා ගැනීමට ඩකා නුවර ළමුන් වැවක බැස පීනමින්
පාසල් අවම වශයෙන් අප්‍රේල් 27 දක්වා වසා තැබෙන අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලධාරීන්ට පිට පිට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූ දෙවැනි වසර මෙයයි.
ආසියාව පුරා පැතිර යන තාප තරංග නිසා පිලිපීනයේ මෙන්ම ඉන්දියාවේ ද පාසල් වසා දැමුණි.
වැසි ඉල්ලා කන්නලව්
වර්ෂාව ඉල්ලා කන්නලව් කිරීමට, දහස් ගණනක් බංග්ලාදේශ මුස්ලිම් ජනතාව ඉකුත් බදාදා (24) මුස්ලිම් පල්ලි සහ ගම්බද කෙත්වලව රැස්වූහ.
"වැස්ස නැති නිසා දරා ගන්න බැරි තත්වයට ජිවිත පත්වෙලා....දුප්පත් මිනිස්සු නොවිඳිනා දුකක් විඳින්නේ," ඉස්ලාමීය පූජක මුහම්මද් අබු යූසුෆ් AFP පුවත් සේවයට පැවසීය.
දැඩි උණුසුම අවම වශයෙන් තවත් සතියක්වත් පවතිනු ඇතැයි බංගලාදේශයේ කාලගුණ බලධාරීහු උපකල්පනය කරති.







