leader s

ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය ලී හසින් ලූන්ග් (Lee Hsien Loong) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.


ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති.

වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් ට භාරදීමට නියමිතය.

wongලෝරන්ස් වොන්ග්

 

සිංගප්පුරුව නිදහස් දේශයක් බවට පත්වූයේ 1965 දීය. එතැන් සිට මේ දක්වා වූ වසර 59ට එරට පාලනය කර ඇත්තේ අගමැතිවරු තිදෙනෙක් පමණි.

ඔවුන් තිදෙනාම මහජන ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයින් ය.

එරට පළමු අගමැති වූයේ ලී ක්වාන් යූ ය. ඔහු වර්තමාන අගමැතිවරයාගේ පියා වන අතර සිංගප්පුරුව වසර 25 පාලනය කළ ඔහු සැලකෙන්නේ නූතන සිංගප්පුරුවේ නිර්මාතෘවරයා ලෙසට ය.

singa 4අගමැති ලී යටතේ සිංගප්පූරුව ඉහළම සංචාරක ගමනාන්තයක් බවට පරිවර්තනය වී ඇත
දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම බල හුවමාරුවත් සමගම එරට දේශපාලන නායකත්වය "ලී පවුලේ" සෙවනැල්ලෙන් මිදීමක් ලෙස දැක්විය හැකි බවයි.

එහෙත් වර්තමාන අගමැතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ ඡ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා ලෙස සිය අවසන් මාධ්‍ය හමුවට සති අන්තයේ මුහුණදුන් ලී, තමාට දුන් සහාය සම්බන්ධයෙන් සිංගප්පුරු වැසියන්ට සිය ප්‍රණාමය පුද කළේය.

"මම අන් සියලුදෙනාට වඩා වේගයෙන් දුවන්න උත්සාහ කළේ නෑ. මම උත්සාහ කළේ සියලුදෙනාම මමත් එක්ක දුවන තත්ත්වයට ගෙන ඒමට...මම හිතන්නේ අපි ටිකක් සාර්ථක වුණා..."



මුලාශ්‍රය :
End of Lee era for Singapore as PM steps down
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්