leader s

වයඹ දිග ඉරානයේ ඉරිදා (මැයි 19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ තවත් කිහිප දෙනෙකු මිය ගිය බව තහවුරු වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසයි.


මෙහ්ර් සහ තස්නිම් පුවත් ඒජන්සි වාර්තා කරන්නේ ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ හෙලිකොප්ටරයේ සිටි අනෙක් අය මිය ගොස් ඇති බවයි.

 

756664Image1විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන්
කෙසේ වෙතත්, මේ පිළිබඳව නිල වශයෙන් තහවුරු කිරීමක් තවමත් සිදු කොට නැත.

ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයේ 'කිසිදු ජීවී සලකුණක් නැහැ' - ඉරාන රාජ්‍ය රූපවාහිනිය

ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානයේ කිසිදු ජීවී සලකුණක් නොමැති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය විසින් මීට පෙර නිවේදනය කළේය.

එසේම ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටරය අනතුරෙන් "සම්පූර්ණයෙන්ම පිළිස්සී" ඇති බවයි.

"ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගිහින් ... අවාසනාවකට වගේ, එහි සියලු මගීන් මිය ගොස් ඇතැයි අපි සැක පළ කරනවා " එම නිලධාරියා පවසා තිබේ.

සිදුවුයේ කුමක්ද?

 

240520001049 iran president helicopter crash
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා ත්‍රිත්වයකට අයත් යානයක් රළු ගොඩබෑමකට ලක් ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ඊයේ සවස වාර්තා කළේය.

එම හෙලිකොප්ටර් යානයේ ඉරාන ජනාධිපතිවරයා, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමිර් අබ්දුල්ලාහියන් ඇතුළු පිරිසක් සිට ඇති අතර ඔවුන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නැතැයි, එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය.

ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසුවේ ප්‍රදේශයේ අධික මීදුම සමග පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් එම ස්ථානයට ළඟා වීමට උත්සාහ කරමින් සිටින බව ය.

සහන සේවා කණ්ඩායම්වලට එම ප්‍රදේශයට ළඟා වීමට කාලය ගතවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසර්බයිජාන දේශසීමාවේ චීස් ක්වොලාසී සහ කුඩාෆිරන් නමැති වේලි විවෘත කිරීමෙන් පසුව ඉරානයේ වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස් නගරයට ආපසු පැමිණෙමින් සිට ඇත.

ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරුවෙකුට අනුව හෙලිකොප්ටරය ගොඩබස්වන්නට ඇතැයි සිතන ස්ථානයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පවතින අතර ඒ හේතුවෙන් සෝදිසි කිරීම දුෂ්කර වී තිබේ.

කඳු සහ වනාන්තර ප්‍රදේශයේ බාධාවකින් තොරව පෙනෙන සීමාව මීටර් පහක් පමණ දක්වා අඩු වී ඇති බව ද ඔහු පැවසීය.

මෙම ප්‍රදේශය ටබ්‍රිස් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 50 ක් පමණ දුරින් උතුරට වන්නට පිහිටා ඇත.

ටබ්‍රිස් නගරයේ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් අලිරේසාබෙයිගි ටෙහෙරානයේ වාර්තාකරුවන්ට පවසා ඇත්තේ මුදා ගැනීමේ සේවකයින්ට ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය ඇති ස්ථානය තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.

ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය සමග පියාසර කළ අනෙක් හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව නියමිත ගමනාන්තයට ළඟාවී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඊබ්‍රහිම් රයිසි යනු කවුද?

 

ir64564

ඊබ්‍රහිම් රයිසි 2017 වසරේදී පළමු වරට ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ඉදිරිපත් වීමේදී ජාත්‍යන්තර නිරීක්ෂකයින් මවිතයට පත්වූ බව පැවසේ.

 

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අතිශය සාම්ප්‍රදායීක දේශපාලන අදහස් ඇති දැඩි මතධාරී පූජකයෙකු ලෙස සැලකෙයි.

63 හැවිරිදි ඊබ්‍රහිම් රයිසි ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපති බවට පත් වූයේ ඔහු වයස අවුරුදු 25 පසුවන විටදී යි.

2014 වර්ෂයේදී ඉරානයේ නීතිපතිවරයා ලෙස පත් කිරීමට පෙර ඔහු ටෙහෙරානයේ අභිචෝදක, පසුව රාජ්‍ය පරීක්ෂක සංවිධානයේ ප්‍රධානියා සහ පළමු නියෝජ්‍ය අධිකරණ ප්‍රධානියා ලෙස ද සේවය කර ඇත.

ඊබ්‍රහිම් රයිසි 2017 වසරේදී පළමු වරට ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ඉදිරිපත් වීමේදී ජාත්‍යන්තර නිරීක්ෂකයින් මවිතයට පත්වූ බව පැවසේ.

අනතුරුව 2019 වසරේදී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි විසින් ඔහුව අධිකරණ ප්‍රධානියා ලෙස නම් කළේය.

ඊබ්‍රහිම් රයිසි ඉරානයේ ජනාධිපතිවරයා ලෙස පත්වුණේ 2021 වසරේ ජූනි මාසයේදි යි.


(BBC සිංහල සේවය)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්